Tuesday, February 16, 2010

සින්ඩියේ ඉදිරි ගමන

මම දකින විදිහට සිංහල යුනිකේතයෙන් බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිපි වලට පුලුල් පාඨක පිරිසක් ලගාකර ගැනීමට සින්ඩියෙන් සිදුවන්නේ මනා සේවයක්. තාක්ෂනික, ආගමික දේශපාලනික ආදී නානාවිද බ්ලොග් අඩවි වල ලිපි සින්ඩියේ පලවනවා. ඒ වගේම බ්ලොග් කියවන පාඨක පිරිසත් විවිදයි. සමහරු කැමති තාක්ෂනික දේවල් තියෙන බ්ලොග් බලන්න. සමහරු දේශපාලනික අදහස් ලියන බ්ලොග් වලට කැමතියි. බ්ලොග් අඩවි වර්ගීකරණය කිරීම මගින් කියවන්නන්ට තමන් කැමති ආරේ බ්ලොග් අඩවි කියවීමට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, දේශපාලනික බ්ලොග් අඩවි කියවීමට කැමති නම් http://blogs.sinhalabloggers.com/political/ බුක්මාර්ක් කරගන්න පුලුවන්. තාක්‍ෂනික බ්ලොග් වලට http://blogs.sinhalabloggers.com/technology/ මේ ක්‍රමය කියවන්නන්ට පහසුවක්.
දැනට ඇති ප්‍රධාන ගැටලු
  • බ්ලොග්කරුවෙකුට තෝරාගත හැක්කේ කැටගරි දෙකක් පමණයි.
    • මෙම වර්ගීකරණය බ්ලොග් වශයෙන් නැතිව ලිපි වශයෙන් කරන්න පුලුවන්නම් වඩා හොදයි. නමුත් දැනට ඇති තාක්ෂනික ගැටලු සමග අඩු වියදමකින් මෙය කරන අයුරක් සොයාගත යුතුයි. බොහොමයක් බ්ලොග් එකම තේමාවකින් ලිපි පලකලත් සමහර බ්ලොග් විවිද තේමා වල ලිපි ලිවීමේදී දැනට තිබෙන ක්‍රමය අනුව ලිපි අදාල කැටගරියේ පල නොවීම ගැටලුවක්. උදා: තාක්ෂනික බ්ලොග් අඩවියක්ලෙස වර්ගීකරණය වී ඇති බ්ලොග් අඩවියක දේශපාලනික කරුණක් ගැන ලිපියක් ලියැවුනොත් එම ලිපියත් පලවන්නේ තාක්ෂනික කැටගරියේමයි.
  • මුල් පිටුවේ සෑම කැටගරියක්ම නොපෙන්වීම
    • සින්ඩියේ මුල්පිටුවේ මෙලෙස සමහර කැටගරි නොපෙන්වීමට සිදුවීම කණගාටුවට කරුණක්. තමන්ට කැමති කැටගරියකට පාඨකයාට කෙලින්ම යාහැකි නිසා බ්ලොග් ලියන්නන්ට ඇතිවියහැකි පාඩුව අවමයි.
    • දේශපාලන බ්ලොග් මුල්පිටුවෙන් ඉවත් කිරීම පිලිබදව වැරදි වටහාගැනීම් අනවශ්‍යයි. දේශපාලන අඩවි කියවන පාඨකයන් විශාල ප්‍රමාණයක් සින්ඩියට දිනපතා එනවා. එම අඩවි කියවීමට අවශ්‍යනම් අදාල කැටගරියට යෑම පමණයි කල යුත්තේ. මේ කරුණ හොදින් දන්නා නිසාමයි එම කැටගරියට අදාල ලින්ක් එක පැහැදිලිව පෙනෙන ලෙස සකසා තිබෙනේ.
  • බ්ලොග් අඩවි සින්ඩියට එකතු කිරීමට ඇති පමාව
    • දැනට දිනපතා සින්ඩියට නව බ්ලොග් අඩවි 10-20 අතර ප්‍රමාණයක් එකතු කිරීමට ඉල්ලුම් කෙරෙනවා. මේ සියලු බ්ලොග් අඩවි වෙත ගොස් සින්ඩියට සුදුසු බ්ලොග් අඩවි පමණක් එකතු කිරීම යම් කාලයක් වැයවෙන කටයුත්තක්. සින්ඩියේ බ්ලොග් අඩවි වල ගුණාත්මකබව හැකිතරම් ආරක්‍ෂා කිරීමට සිදුවන නිසා සැලකියයුතු වේලාවක් නව බ්ලොග් අඩවි පරීක්‍ෂාකිරීමට ගතවෙනවා.
විසදුම්
  • මේ දිනවල බ්ලොග් අඩවි එකතුකිරීමේ පමාව යම්තාක්දුරට හෝ අඩුකරගැනීමට ක්‍රමයක් සැකසෙමින් පවතිනවා.
  • දැනට සින්ඩිය සදහා පාවිච්චි කරන වෙබ් වැඩසටහනේ අඩුපාඩු සහ සර්වර් සදහා වැයවන අධික වියදම අවම කර ගැනීමට නව සින්ඩි වැඩසටහනක් සාදමින් පවතිනවා.
  • බ්ලොග් වර්ගීකරණය කිරීමේදී බ්ලොග් වශයෙන් වර්ගීකරණය නොකර ලිපි වශයෙන් වර්ගීකරණය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් තවම නැහැ. බ්ලොග් ලියන්නන් සම්මත කැටගරි ක්‍රමයකට ලිපි ලියනවා නම් මෙයට විසදුමක් සොයාගැනීම පහසු වේවි. නමුත් මෙය ප්‍රායෝගික නැති බව වැටහෙනවා.
සින්ඩිය සදහා නව අදහස් හෝ විසදුම් admin[at]sinhalabloggers[.]com වෙත එවන්න.
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
බ්ලොග් ලියන සහෘදයන්ගෙන් ඉල්ලා සිටින්නේ සින්ඩියෙන් ප්‍රයෝජන ලබාගන්නා අතරම සින්ඩියේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.

Thursday, November 26, 2009

හැම පරිගණකයකම වගේ තියෙන සෙල්ලමක්

ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවෙ. අද මට ලියන්න හිතුනා ගේම් එකක් ගැන. මම බ්ලොග් එක පටන් ගනිද්දිම හිතාගෙන හිටියෙ ගේම් ගැන ලියන්න. හැබැයි වෙන වෙන දේවල් තමයි මෙච්චර කල් ලියල තියෙන්නෙ. මේ කියන පරිගණක සෙල්ලම පෙර නියමයෙන්ම හුගක් පරිගණක වල තියෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් ස්ථාපන කරන්න අවශ්‍ය නෑ. වින්ඩෝස් වල නම් තියෙන්නේ Minesweeper කියලා. උබුන්ටු වල මේකම තියෙනවා Mines කියලා. Windows වල නම් Start -> All Programs -> Games -> Minesweeper Ubuntu වල නම් Applications -> Games -> Mines හුගක් අය කම්පියුටරෙන් කාඩ් ගේම් සෙල්ලම් කරත් බිම්බෝම්බ හොයන මේ සෙල්ලම කරන්න කැමති නෑ. ලොකුම හේතුව තමයි මේක තේරෙන්නේ නැති කම. සමහරු හිතන්නේ මේක කණාවට ගහන එකක් කියලා. මම කියන්නම් සෙල්ලම කරන හැටි. හරිම සරලයි. ගේම් එකේ මූලික අරමුණ තමයි අඩුම වේලාවකින් බිම්බෝම්බ සියල්ල සොයාගැනීම. මුලින්ම අලුතෙන් ගේම් එක පටන් ගත්තහම එන්නේ පහලින් තියන වගේ වින්ඩෝ එකක්. මම මේක ගත්තේ wndows 7 වලින්. windows xp වල පෙනුම ටිකක් වෙනස්. හැබැයි සෙල්ලම් කරන විදිහේ කිසිම වෙනසක් නැහැ.
මේකෙ තියෙන කොටු වලින් සමහර කොටු වල බිම්බෝම්බ තියෙන්න පුලුවන්. මේ කොටු ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. කොහෙන් හරි පටන් ගන්න එපැයි. බය වෙන්න දෙයක් නෑ. පලවෙනියටම ඔබන කොටුවේ බෝම්බ නෑ. ඒක නිසා කැමති කොටුවක් ඔබලා පටන් ගන්න පුලුවන්.
හොඩක් වෙලාවට පලවෙනි ක්ලික් එකෙන් කොටු එකකට වඩා ඇරෙනවා. ඒක නිසා වැඩේ ලේසියි. හැබැයි හදිස්සියෙන් පහල රූපය වගේ අවස්ථාවක් ආවොත් ආපහු වෙන තැනක කොටුවක් ඔබලා බලන්න වෙනවා.
ඔන්න දැන් පොටක් පෑදිලා තියෙනේ බිම්බෝම්බ හොයන්න. පහල රූපය බලන්න.
මම රවුම් කරල තියෙන තැන තියෙන්නේ 1 ඉලක්කම.
මේකෙන් කියන්නේ රවුම් කරපු කොටුව වටේට තියෙන කොටු 8න් එකක අනිවාරයෙන් බෝම්බයක් තියෙනවා කියලා.
දැනටමත් විවෘත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක කොටුවයි. (5 වැනි කොටුව) ඒ නිසා ඒ කොටුවේ අනිවාරයෙන්ම බිම්බෝම්බයක් තිබිය යුතුයි.
ඒ කොටුව right click කිරීමෙන් බෝම්බයක් තිබෙන බවට සලකුණු කරන්න පුලුවන්. මේ විදිහට සලකුණු කිරීම අනිවාර්‍ය නැහැ. ඒත් අපේ පහසුව සදහා සලකුණු කරගන්න පුලුවන්.
දැන් අපි බලමු ඒ ලගම තියන අනිත් 1 ඉලක්කම. ඒ වටේත් ඇති කොටු 8 විවෘත කර නැත්තේ එක කොටුවයි (5 වැනි කොටුව). එනිසා මෙහි බිම්බෝම්බයක් තිබිය යුතුයි.
ඊලගට රතුපාටින් රවුම් කර ඇති 2 ඉලක්කම. එහි අදහස 2 ඉලක්කම වටා ඇති කොටු 8න් කොටු දෙකක බිම්බෝම්බ ඇති බව. දැනටමත් රතු පාටින් දක්වා ඇති 4 සහ 6 කොටුවල බිම්බෝම්බ තිබෙන බව අපි දන්නවා. එනිසා රතු පාටින් දක්වා ඇති 5 වෙනි කොටුවේ බෝම්බයක් තිබෙන්න විදිහක් නැහැ. ඊට හේතුව 2 ඉලක්කම වටා තිබෙන්න පුලුවන් බෝම්බ ගණන 2 පමණක් වීමයි.
මේ ආකාරයටම රූපයේ 1 ඉලක්කම වටා බෝම්බ තිබිය හැක්කේ 1ක් පමණයි. දැනටමත් 4 කොටුවේ බෝම්බයක් තිබෙන බව දන්නා නිසා 5 කොටුවේ බෝම්බ තිබෙන්න බැහැ.
රූපයේ පෙනෙන විදිහට අවස්ථාවක් ආවොත් රවුම් කර ඇති 2 ඉලක්කමට සාපේක්ෂව 4 හෝ 5 කොටු ව්ල බෝම්බ තිබිය හැකියි. මෙවැනි වේලාවක අපිට හරි කොටුව තෝරාගන්න බැහැ. ඒ නිසා වෙන මුල්ලකින් බෝම්බ සෙවීම පටන් ගන්න වෙනවා. පසුව මෙතැන විසදීමට හැකි වේවි.
මම හිතනවා දැන් සෙල්ලම නොතේරුන අයට තේරෙන්න ඇති කියලා. ඉක්මනින් කල්පනා කරලා ඉක්මනින් තීරණ අරගෙන බෝමබ ඔක්කොම අඩුම කාලයකින් සෙවීම තමයි අබියෝගය. බෝමබ සෙවීමට ගිය වෙලාව ප්‍රතිචාරයක් විදිහට සටහන් කරන්න!

Tuesday, September 29, 2009

බණ අහන හැටි

බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්‍රියා විරහිත කරන්න නොදන්න අයට..

ජංගම දුරකතනයේ # බොත්තම තත්පර කිහිපයක් තදකරන්න.

නැතිනම් phone settings වෙත ගොස් එහි profile මෙනුවෙන් silent තෝරන්න

Tuesday, August 18, 2009

ගූගල් ක්‍රෝම් Bookmarks

ඔන්න මම කාලයක ඉදන් බලාගෙන හිටපු දෙයක් අලුත් ක්‍රෝම් 4.0 න් ඇවිත්. ඒ තමයි ගූගල් ක්‍රෝම් එකට ගූගල් බුක්මාර්ක් එකතු කරන එක. අනිකුත් බ්‍රවුසර වල ගූගල් ටූල්බාර් හරහා බුක්මාර්ක් ඕනම තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්කම තිබුනත් ක්‍රෝම් හි මෙම පහසුකම මෙතෙක් තිබුනේ නැහැ.

මෙහෙමයි වැඩේ කරන්නේ.

මුලින්ම ක්‍රෝම් dev channel එකට මාරු වෙන්න වෙනවා. මොකද ඒකට තමයි 4.0 එක දැනට ඇවිත් තියෙනේ. මේක development channel එක වුනත් සෑහෙන්න stable. බොහොම කලාතුරකින් තමයි ප්‍රශ්නයක් ඇතිවෙනේ. එහෙම වුනත් පැය කීපයක් ඇතුලත නැවත යථා තත්වයට පත් කරනවා. Google Chrome Channel Changer වෙත ගිහින් බාගත කරගෙන dev channel එකට මාරු වෙන්න. ඉන්පසු ක්‍රෝම් වල ස්පැනර් එක -> About Google Chrome වෙත ගියාම ඔබට පෙනෙයි updates බාගත කරන හැටි.

දැන් ගුගල් ක්‍රෝම් අයිකන් එකේ properties ගිහින් target කොටුවේ chrome.exe එකට පසු --enable-sync යොදා ගුගල් ක්‍රෝම් විවෘත කරන්න.

දැන් ස්පැනර් එක -> Import BOokmarks & Settings වෙත ගියවිට එන popup එකේ dropdown මෙනුවෙන් Google Toolbar තෝරා Import ඔබන්න.

දැන් ක්‍රෝම් වල බුක්මාර්ක් ටූල්බාර් එකේ Other Bookmarks තුලට Google Bookmarks import වී ඇති.