Wednesday, April 1, 2009

css සිංහලෙන්

ෆයර්ෆොක්‌ස්‌ 3.0 සහ IE 8 නිකුතුවට පසු css සදහා සිංහල unicode සහයොගීතාව ලබා දුන්නා. මෙය අපේ රටේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට විශාල ජයග්‍රහනයක්‌. මම අද පෙන්වන්නම් css සදහා සිංහල unicode යොදාගන්න ආකාරය.

සාමාන්‍ය ආකාරයටම html යොදාගන්න පුලුවන්.

උදා:

<div id="හිස"> 
    හිස සදහා
</div>
<div id="බඳ">
    බඳ සදහා
</div>
<div id="පාදය">
    පාදය සදහා
</div>

අපි දන් සිංහලෙන් css එක ලියමු

#හිස { 
   අකුරු වර්ණය: රතු; 
   උස: පික්‌සල 100;  
   පසුබිම් වර්ණය : ලා නිල්;
   අකුරු ප්‍රමාණය : විශාල;
} 
#බඳ {
   අකුරු වර්ණය: රතු;    
   පසුබිම් වර්ණය : ලා අලු; 
} 
#පාදය {
   අකුරු ප්‍රමාණය : කුඩා;
} 

ඔබත් පාවිච්චි කර බලන්න. තවත් වෙබ් අඩවි නිර්මාණකරණය පිලිබද තොරතුරු රැගෙන ලගදීම එන්නම්.

Happy April Fools Day!

Wednesday, March 11, 2009

Windows 7 වල මම කැමති දේ

ඉදිරියේදි නිකුත් වීමට නියමිත අලුත්ම Windows වෙලුම තමයි Windows 7. අගෝස්‌තු පලවෙනිදා වෙනකන් beta සංස්‌කරනය නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් නිසා මටත් හිතුනා උත්සාහ කර බලන්න. දැනට මාසයක්‌ විතර සැහෙන්න හොඳින් වැඩ කල නිසා මේ ගැන බ්ලොග් සටහනක්‌ ලියන්න අදහස්‌ කලේ.

ඇත්තටම Windows 7 beta තත්ත්වයේ තවම තිබුනත් Windows Vista වලට වඩා ගොඩක්‌ ස්‌ථායී(stable). මම පාවිච්චි කල කාලය අතරතුර එක වරක්‌ වත් stuck උනේ නැහැ.System resources පාවිච්චියත් සතුටුදායක මට්‌ටමක තියෙනවා. මම ස්‌තාපනය කල පරිගණකය සාමාන්‍ය core 2 duo processor සහ 2GB RAM සහිත Onboard Graphics ඇති එකක්‌. මට දැනගන්න ලැබුනා අඩු RAM ප්‍රමාණ වලත් Windows 7 හොදින් ක්‍රියා කරන බව.

Windows 7 වල ඉතා සිත්ගන්නාසුලු අංග රාශියක්‌ තිබෙනවා. මම ඒවා තිරපිටපත් සමග ඉදිරිපත් කරන්නම්.

windows 7 desktopWindows 7 Desktop

මම Windows 7 වල වඩාත්ම කැමති අංගය එහි task bar එකයි. වැඩි ඉඩක්‌ ගන්නේ නැතිව ඉතාමත් පහසුවෙන් පාවිච්චි කල හැකි task bar එකක්‌ windows 7 සතුව තිබෙනවා. එහි අපි නිතර පාවිච්චි කරන වැඩසටහන් වල shortcut තබාගන්න පුලුවන්. ඒ වගේම දැනට විවෘත වැඩසටහන් පෙන්වන්නේත් එතැනමයි.

windows 7 taskbarWindows 7 Taskbar

වැඩසටහනක කලින් වැඩ කල පිටුවක්‌ විවෘත කරන්න අවශ්‍යනම් කල යුත්තේ එම අයිකන කිරීම පමණයි. එහිදී මතුවන මෙනු එකෙන් අපි කලින් වැඩකරමින් සිටි ගොනු පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Taskbar එකේ icon mouseover කරද්දී දැනට විවෘතව ඇති windows පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Windows 7 වල තවත් වැදගත් අංගයක්‌ තමයි Notification Icon Manager එක. මෙයින් System Tray එකේ එන කුඩා අයිකන පාලනය කරන්න පුලුවන්.

windows 7 taskbarWindows 7 Taskbar

මම මේ කිව්වේ User Interface එක අතින් windows 7 වල මම කැමති දේ. Backend ගැන ඉදිරි post එකක කතා කරමු!

Friday, February 13, 2009

ලෝක විනාශයද ? හික්‌

ඔන්න ජීවිතේටම එක වතාවක්‌ වෙන සිද්දියක්‌ තව ටික වෙලාවකින් වෙනවා.

ඒ තමයි unix time එක 1234567890 ලෙස සටහන වීම.

මොකද්ද මේ unix time..

Unix time යනු 1970 ජනවාරි මස පලමුවැනිදා සිට ගතවූ තත්පර ගනන වේලාව ලෙස දක්‌වන ක්‍රමයයි. කොටින්ම කියනවා නම් පරිගනකය වේලාව බලන්නෙ unix time එකෙන්.

1970 ජනවාරි මස පලමුවැනිදා සිට තත්පර 1234567890 ගත වීමට තව වැඩි වේලාවක්‌ නැහැ :).

countdown

Monday, February 9, 2009

Techකතා - ටෙක්‌නොලොජි සිංහලෙන් !

කාලයක ඉදන් හිතේ තිබ්බ අදහසක්‌ ඔන්න අපේ කට්‌ටිය එකතු වෙලා ක්‍රියාත්මක කෙරුව :). Techකතා. ටෙක්‌නොලොජි ගැන සිංහලෙන් කතා කරන අපි කාගෙත් වෙබ් අඩවියයි මේ!

techkatha.com

මේක අපි කරන්නේ podcast එකක්‌ විදිහට. ඕනම කෙනෙක්‌ට තමන්ට මුහුනපාන්න සිද්ද වෙච්ච ටෙක්‌ ගැටලු ඉදිරිපත් කරන්න පුලුවන්. ගැටලු ඉදිරිපත් කිරීමේදී http://techkatha.com/contact/ හි ඇති ෆෝරමය එවීම, info(at)techkatha(dot)com වෙත පනිවුඩයක්‌ එවීම හෝ skype මගින් කතාකර ගැටලුව ඔබේ කටහදින්ම ඉදිරිපත් කිරීම කරන්න පුලුවන්. අපි හැම සතියකටම වරක්‌ එනවා ඒ ගැටලුවලට පිලිතුරු සහ තවත් විශේශාංග සමගින්.

දැනට අපි වැඩසටහන් තුනක්‌ම පලකරා නේ. ප්‍රතිචාර නම් උපරිමයි. ඉදිරියටත් හැකි උපරිම ලෙස වැදසටහන කර ගෙන යෑමට උත්සාහ කරනවා! නොවරදවා අහන්න :)