Wednesday, July 23, 2008

ඔබේ අඩවියට ඔබේම favicon

favicon කියන්නේ favorites අයිකොන් එකටයි. වර්ඩ්ප්‍රෙස්‌ හෝ බ්ලොගර් සම්මත favicon වෙනුවට ඔබටත් පුලුවන් ඔබේම favicon එකක්‌ යෙදීමට.

favicon

මෙම කුඩා රූපය සදහා jpg/png වැනි ග්‍රෆික්‌ ෆෝමැට්‌ එකක්‌ පාවිච්චි කරන්න පුලුවන් උනත් ico ෆෝමැට්‌ එක මෙන් සියලුම බ්‍රව්සර වල ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා අපි ico ෆෝමැට්‌ එකෙන් favicon එක සාදමු.

ඔබ භාවිතා කරන්නේ photoshop මෘදුකාංගය නම් මේ සදහා විශේෂ ප්ලගිනයක්‌ අවශ්‍යයි. මෙම වෙබ් අඩවියට ගොස්‌ එම plug-in එක ලබාගන්න. ඉන් පසු එය ඔබේ photoshop ෆෝල්ඩරයේ Plug-Ins\File Formats තුලට දමන්න.

Photoshop තුල 16x16 ගොනුවක්‌ විවෘත කර ඔබට අවශ්‍ය පරිදි රූපය සාදාගෙන File > Save As.. වෙත ගොස් Format dropdown‌ එකෙන් ICO තෝරා myfavicon.ico ලෙස save කරන්න. 16x16 තුල රූපය සෑදීමට අපහසු නම් 64x64 රූපය සාදා පසුව 16x16 දක්‌වා ප්‍රමානය අඩුකරගත හැකියි.

දැන් සාදාගත් favicon එක ඔබේ වෙබ් අඩවියට upload කර ඉන්පසු වෙබ් පිටුවේ <head> තුල පහත කේතය යොදන්න.

<link rel="shortcut icon" href="myfavicon.ico" />

ඔබේ බ්ලොග් එක තියෙන්නෙ බ්ලොගර් හි නම් ඔබට වෙනත් ස්ථානයක favicon එක upload කරන්නට සිදු වේවි. මගේ බ්ලොග් එකේ මම ඒ සදහා යොදාගෙන තිබෙන්නේ GooglePages. දැනට එහි ලියාපදිංචි වී නැත්නම් නව ගිනුමක්‌ ආරම්භ කර සාදගත් myfavicon.ico එක upload කරන්න.

ඔබේ බ්ලොගර් ගිනුමේ Layout වෙත ගොස්‌ Edit HTML විවෘත කරන්න. Edit Template කොටුවේ <head> ටැග් එක සොයාගෙන එයට යටින් පහත කේතය යොදන්න.

<link href='http://youraccount.googlepages.com/myfavicon.ico' rel='shortcut icon'/>
<link href='http://youraccount.googlepages.com/myfavicon.ico' rel='icon'/>

ඉන්පසු template එක save කරන්න

No comments: