Wednesday, October 8, 2008

පුලුවන්නම් විසදන්න - දෙවන කොටස

ඔන්න මේ පාර දානව ලේසි එකක්‌. පැල ගැන කතාවක්‌.

කතන්දරය

රුක්‌ රෝපන දිනය දවසෙ මට පැල හතරක්‌ හම්බුනා හිටවන්න. අපේ තාත්තා ගණන් සර්. මට අවිත් කියනවා පුලුවන් නම් ඔය පැල හතර එකිනෙකට සම දුරින් හිටවන්න කියල. මම කල්පනා කරල කරල කරල කරල කොහොමහරි වැඩේ කෙරුව.

four plants

ප්‍රශ්නය

මම කොහොමද පැල හතර එකිනෙකට සම දුරින් පැල කරේ ?

13 comments:

said...

මේ මොන පැළද?
ඔන්න ඔය පොඩි පැළ ජාතියක් නම් අඩිරූලෙන් මැනල සම දුරින් හිටවන්න පුළුවන්. ඊට වඩා ලොකු ඒවනම් මීටරේ කොදුවක් පාවිච්චි කරන්න වෙනව දුර මනින්න්න. ඉටත් වඩා ලොකු නම් අර ටේප් රොලක් වත් ඕනෙ දුර මනින්න මොකද පැළ ලොකුවෙලා ගස් හැදුනම ගස් කපන්න ඉඩ තියෙන්න එපායැ. නැත්න්ම ලී මුදලලිගේ ලොරිය ගන්නෙ කොහොමද අනික් ගස් හරස් වෙනව

තිලිණ said...

මල් පැල කියල හිතන්න කො :D

තිලිණ said...

හැම පැලයක්‌ ම එකිනෙකට සම දුරින් තියෙන්න ඕන

Dasun Sameera - දසුන් සමීර said...

පිමීඩයක් ආකරයට ත්බ්බොත් ‍පුළුවන් නේද? තුනක් පොළොව මත සම දුරින්(සමපාද ත්‍රිකෝණාකාරව) ඉන් පසු හරි මැදින් ඉහලින්(අනික් පැළතුනටම සමදුරින් සටින සේ) හතරවන පැළය සිටවීම. ද්විමාන තලයක්තුල නම් මේදේ කරන්න පුළුවන් විදයක් මට හිතන්න අමාරුයි! :)

Unknown said...

අනෙ අම්මෝ මේක හිතලම මගෙ ඔලුවත් රිදෙනෝ
3D විදියට පිරමීඩාකාරයෙන් නැතුව වෙන විදියකට නම් හිතා ගන්න බැ. ඒත් ඉතින් පොළොවෙන් උඩ space එකේ පැළ හිටවන්න බෑනෙ.. :P
හැබැයි මට හොඳට මතකයි මේ වගේ ගානක්‌ හදනවා ඒ කාලෙ...උත්තරෙ තමා මතක නැත්තෙ...
ඔයාම කියන්නකො උත්තරේ..

malee_msg said...

පයිතගරස් ප්‍රමේයද? (අයියෝ මම දන්නේ නැතෝ...කො‍ටුවක් කඩලා අරන් එක තිය තිය සමදුරින් හිටවනවා මම නම්

තිලිණ said...

උත්තරේ හරියට දීල තියෙනව දසුන් :) හැබැයි ඒක පිරමීඩය නෙවෙයි. චතුස්‌තලය. කරන්න තියෙන්නෙ පොඩි පස්‌ කන්දක්‌ හදලා එකක්‌ ඒක උඩ හිටවලා අනික්‌ පැල යටින් ඒක වටේට හිටවන එක :)

said...

අනේ මන්දා ඔය විදිහට කඳු හදලා පැල හිටවලා තාත්තා බැන්නෙ නැද්ද? ඔන්න බතල ,මඤ්ඤොක්කා වගේ දෙවල් නම් කඳු හදල හිටවනවා.

Unknown said...

හාපෝ ඒ කඳු කතාව පිළිගනු බෑ.. මං වරුවක්‌ විතර කල්පනා කොළේ ගණන් හැදුවෙ ඔය උත්තරේටද...

Dasun Sameera - දසුන් සමීර said...

මම හරි!
පොඩි පන්ඩිත කථාවකට අවසර!

මේ විදියට තමයි මම මේක හිතුවේ. තත්පර කීපයයි ගියේ. මුලින්ම ලක්ෂ දෙකක් හිතින් මවාගත්තා ඒ ලක්ෂ දෙක කැමති දුරකින් සිතින් තියා ගත්තා. ඒ ලක්ෂ දෙකටම සම දුරින් තුන්වෙනි ලක්ෂය හිතින් අතුලත් කළා. දැන් හිතේ ඇඳුනේ සම පාද ත්‍රිකෝණයක්. ඊලඟට හතරවන ලක්ෂය දැන්මා දැන් ඉති පිරිමීඩයක් විදයට ඒ ලක්ෂ තුනටම ඉහලින් හෝ පහලින් ඒ විදයට විතරයි තිබුන එකම ක්‍රමය. ඊලඟ ලක්ෂය ඇතුලත් කරන්න ති‍යෙන්නේ. කොහොමටත් ද්විමාන විදියට අවුරුදු 100ක් හිතුවත් උත්‍තරේකට එන්න බෑ! :LOL

Malinga said...

ඔයා පින්තූරයක් දාල කට්ටිය ව ඇන්දුව නේ ද? සරල රේඛාවක සමාන්තර ව පැල හිටවන බවකි පින්තූරයේ තියෙන්නෙ.

Dasun Sameera - දසුන් සමීර said...

අයියෝ වැරදුනා. චතුස්තලය නේද? පිරමීඩයට පැති 5යිනේ. සමාවන්න ඝනජාමිතක හැඩතල වල නම් මතකනෑ. :(

Unknown said...

සම දුරින් ලක්ෂ 4ක් තියන්න පුලුවන් චතුස්තලයක් විදිහට විතරයි මම නම් හිතන්නෙ. ද්විමානවනම් මෙය කරන්න බෑ.