Thursday, December 18, 2008

Google Search එකෙන් වැඩ ගමු

Google Search එකෙන් වෙබ් පිටු සෙවුමට වඩා වැඩ රාශියක්‌ කරගන්න පුලුවන් නේ. මම අද හදන්නෙ ඉන් කිහිපයක්‌ ගැන කියන්නයි.

Google එකෙන් ගණන් හදමු

Google search එකෙන් පහසුවෙන්ම ගනන් හදන්න පුලුවන්. අවශ්‍ය ගාන සෙවුම් කොටුවේ ඇතුල්කර search බොත්තම ඔබන්න.

උදා - 5 x 5 සදහා සෙවුම් කොටුවේ 5*5 ඇතුල් කර සොයන්න.

google calc

විනිමය අනුපාත

ඇමරිකානු ඩොලර් 50 ක්‌ ලංකා රුපියල් වලින් කීයද? යන්න google, සොයන්න මේ විදිහට - 50 USD in LKR

google exchange rates

සින්දු ලේසියෙන් හොයමු!

හදිස්‌සියට සින්දුවක්‌ හොයාගන්න ගූගල් සෙවුම් පිටු අස්‌සෙ සාමාන්‍ය විදිහට සොයලා කාලෙ කන්න ඕන නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් මේ විදිහට හෙව්වොත්. සෙවුම් කොටුවේ මේ විදිහට සොයන්න intitle:index.of mp3 songtitle උදාහරනයක්‌ ලෙස Metallica ගෙ nothing else matters සොයමු. පහත රූපයේ පරිදි සෙවිය යුතුයි.

search songs

එන සෙවුම් ප්‍රතිඵල වලින් පලමු එකට ගිහින් බලමු.

search songs

ඔන්න අපිට පේනවා ඇපාචි ඩිරෙක්‌ටරි ලිස්‌ටින් ඉවත් නොකල වෙබ් ගොනුවක්‌. මෙයින් අවශ්‍ය සින්දුව ක්‌ලික්‌ කල පසු එය පරිගනකයට භාගත වේවි.

වෙලාව බලන්න

වේලව බලන්න මෙලෙස හොයන්න. what time is it 'city name'. උදා - what time is it new york

time

රටක ප්‍රධාන නගර වල වේලාවන් බලන්න අවශ්‍ය නම් what time is it සමග රට ඇතුල් කරන්න.

time

15 comments:

Malinthe Samarakoon said...

එළකිරි ටිප්ස් ටිකක්, ගොඩක් වටිනවා :D

crazy winger said...

hey, knew about that song thingy ..but other things came to know only today .Thanks a lot bro !! Fantaztic

said...

"intitle:index.of mp3 songtitle"

"intitle:index.of"

මෙනන මේ කොටසින් කියන්නේ මොක්ද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

බොහෝම ස්තූතියි ටිප් ටිකට

ම.ම.ගි said...

ෂා එළකිරි පහරක් මේ සින්දු හොයන කෝඩ් එක නම් මට ගොඩක් ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි!

තිලිණ said...

@:ම - එකෙන් කරන්නෙ ගූගල් සෙවුම් ගබඩාවේ ඇති පිටු වලින් title එක සදහා index of ලෙස ඇති පිටු පෙන්වීමයි. මෙලෙස ඇති පිටු බොහෝ විට ඇපාචි ඩිරෙක්‌ටරි ලිස්‌ටින් ඉවත් නොකල ඒවයි.

Anonymous said...

එළ එළ....තව ටිකක් අල්ල ගන්න ඕන නම් Search Shortcuts එහෙම නැත්නම් search Cheat Sheet වගේ වචනයක් පොඩ්ඩක් වෙනස් කර කර ගහලා හොයලා බලන්න.
ඉස්සර මම එහෙම කරලා ගොඩක් ක්‍රම අල්ලා ගත්තා.
මේකටත් ගිහිල්ලා බලන්න.
http://www.googleguide.com/help/calculator.html

said...

එල එල බොහෝම ස්තූතියි!!!!

Anonymous said...

http://www.google.lk/support/bin/topic.py?topic=352

ශාකුන්තල | Shaakunthala said...

ම,
ඔබතුමාට පහුගිය කාලෙ කරදර කරපු අයටත් සමහරවිට ‍ගූග්ල් උදව් කරන්න ඇති. මොකද search query එක යොදාගෙන hacking ලේසියෙන්ම කරන්න පුළුවන්.

Kasun said...

maxxa :D

Scooby said...

නියමයී!!! බොහොම ස්තූතියි! :)

Anonymous said...

මරු මරු මාත් ටිකක් දැනගෙන හිටිය ඒත්,ඉන්ඩෙක්ස් ගැන දැනගෙන හිටියෙ නෑ.ස්තූතියි

Unknown said...

නියමයී

Anonymous said...

ෂා, බොහොම ප්‍රයොජනවත් ටිප්ස් ටිකක්!
ස්තූතියි!

Malinda - මාලින්ද said...

නියමයිනෙ