Wednesday, April 1, 2009

css සිංහලෙන්

ෆයර්ෆොක්‌ස්‌ 3.0 සහ IE 8 නිකුතුවට පසු css සදහා සිංහල unicode සහයොගීතාව ලබා දුන්නා. මෙය අපේ රටේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට විශාල ජයග්‍රහනයක්‌. මම අද පෙන්වන්නම් css සදහා සිංහල unicode යොදාගන්න ආකාරය.

සාමාන්‍ය ආකාරයටම html යොදාගන්න පුලුවන්.

උදා:

<div id="හිස"> 
    හිස සදහා
</div>
<div id="බඳ">
    බඳ සදහා
</div>
<div id="පාදය">
    පාදය සදහා
</div>

අපි දන් සිංහලෙන් css එක ලියමු

#හිස { 
   අකුරු වර්ණය: රතු; 
   උස: පික්‌සල 100;  
   පසුබිම් වර්ණය : ලා නිල්;
   අකුරු ප්‍රමාණය : විශාල;
} 
#බඳ {
   අකුරු වර්ණය: රතු;    
   පසුබිම් වර්ණය : ලා අලු; 
} 
#පාදය {
   අකුරු ප්‍රමාණය : කුඩා;
} 

ඔබත් පාවිච්චි කර බලන්න. තවත් වෙබ් අඩවි නිර්මාණකරණය පිලිබද තොරතුරු රැගෙන ලගදීම එන්නම්.

Happy April Fools Day!

25 comments:

කාලිංග said...

එළ කිරි, මරුවට වැඩ... ක්‍රෝම් වලත් වැඩ, පොඩක් div නම් අව්ලක් වගේ.

SRIshanu said...

අම්මට සිරි... මේක නං මාාාාාාාාාාාාාාාාරයි...!

Harshana said...

සිංහල යුනිකේත නැති පරිගණක වල මොනව වෙයිද ?

කාලිංග said...

@har

Auto Install වෙනවා, FF නම්.

~proc said...

මැක්සා!! මට නම්‍ ඩිව් වල අවුලක් නැහැ! මේකෙ මාර ඔප්‍ශන් එකක්‍ තියනවා.

අකුරු ප්‍රමාණය : විශාල; වගේම අකුරු ප්‍රමාණය : විසාල; කියලත්‍ වැඩ කරනචා. සිංහල හරියට ලියාගන්‍න බැරි අය ගැනත් හිතල තියනව! එල එල ඔහොම යං ඔහොම යං :)

Unknown said...

ela ela, niyameta weda karanawa..

kohenda ban meka hoya gaththe.. thawa tips thiyenawa nam post karapan

කාලිංග said...

ආ, පොඩි කේස් එකක් තිය්නවා, බග් එකක් අරින්න වෙයි, ණ්නළල කේස් එක.

අකුරු ප්‍රමානය කියපුවහම වැඩ නෑ!!!

Anonymous said...

මාර වැඩේ ම‍ගේ වෙබ් අඩවි සැකසීම පොතේ CSS කොටස සංශෝධනය කරන්න වෙයි වගේ. දැනුවත් කිරීමට ස්තුතියි.

ප්‍රදීප් කොටුවේගෙදර

ශාකුන්තල | Shaakunthala said...

පසුබිම: පෙත('/ගෙදර/තිළිණ/පොදු_html/පිංතූර/පසුබිම.jpg');
/*
ලමායි... මේකත් බලන්ට... සිරාවට වැඩ
*/

Danishka said...

එළ!

Narada said...

මල් හතයි, නියමයි!

Danishka said...

මේක ලිනක්ස් වල නම් හොදටම වැඩ කරන්නේ SM වල.

හර්ෂදේව ආරියසිංහ said...

ෂා... අපේ තිලිණත් හොයාගන්න දේවල්. එළ කිරි!

මෙහෙම CSS ලිව්වම සුද්දොන්ට නිකන් අන්ඩර දෙමළ වගේ තියෙයි. හික් හික්!!!

crazy winger said...

එළ මචන් එළ..Personally i dont know any stuff on these CSS n web stuff. but looks like itz a new finding.Keep on Rocking Bro ..all the Best !!

budhajeewa said...

එළ එළ..

මාරයි !

කවුද මේ වැඩේට දායක වුනු කස්ටිය ?

Unknown said...

වැඩේ සිරා නේද!

GNS said...

අප්පට සිරි. දැන් coding කරන්නෙ සිංහලෙන්ද? :D

පිස්සු හැදෙනවනෙ... එළ එළ... :o)

ශාකුන්තල | Shaakunthala said...

Localization rox!

සිරිමලා said...

පට්ට ආතල් එකක්නේ.....!

said...

කෝ වැඩ කරන්නේ නැහැනේ. මොකුත් වෙනසක් නැහැ.
මගේ මොකක් හරි අවුලක්ද දන්නේ නැහැ

තිලිණ said...

ඊයේ (අප්‍රේල් 1) මගේ බ්ලොග් එකට ඇවිත් මේ ලිපිය කියවපු හැමෝම සුබ මෝඩයන්ගේ දිනයක්‌ සැමරුවා කියලා මම හිතනවා :D

said...

හැබෑද?
මන් හිතුවා ඇත්ත කියලා මන් කරලත් බැලුවා
හැබැටම වැඩ කරානම් කොහොමද???

Sasika Nanayakkara said...

යකෝ කමේන්ට්ස් බැලුවේ නැත්තම් මාත් ගොඩ.

Madhusanka Goonathilake said...

LOL!! Epic!

Unknown said...

:P