Tuesday, August 18, 2009

ගූගල් ක්‍රෝම් Bookmarks

ඔන්න මම කාලයක ඉදන් බලාගෙන හිටපු දෙයක් අලුත් ක්‍රෝම් 4.0 න් ඇවිත්. ඒ තමයි ගූගල් ක්‍රෝම් එකට ගූගල් බුක්මාර්ක් එකතු කරන එක. අනිකුත් බ්‍රවුසර වල ගූගල් ටූල්බාර් හරහා බුක්මාර්ක් ඕනම තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්කම තිබුනත් ක්‍රෝම් හි මෙම පහසුකම මෙතෙක් තිබුනේ නැහැ.

මෙහෙමයි වැඩේ කරන්නේ.

මුලින්ම ක්‍රෝම් dev channel එකට මාරු වෙන්න වෙනවා. මොකද ඒකට තමයි 4.0 එක දැනට ඇවිත් තියෙනේ. මේක development channel එක වුනත් සෑහෙන්න stable. බොහොම කලාතුරකින් තමයි ප්‍රශ්නයක් ඇතිවෙනේ. එහෙම වුනත් පැය කීපයක් ඇතුලත නැවත යථා තත්වයට පත් කරනවා. Google Chrome Channel Changer වෙත ගිහින් බාගත කරගෙන dev channel එකට මාරු වෙන්න. ඉන්පසු ක්‍රෝම් වල ස්පැනර් එක -> About Google Chrome වෙත ගියාම ඔබට පෙනෙයි updates බාගත කරන හැටි.

දැන් ගුගල් ක්‍රෝම් අයිකන් එකේ properties ගිහින් target කොටුවේ chrome.exe එකට පසු --enable-sync යොදා ගුගල් ක්‍රෝම් විවෘත කරන්න.

දැන් ස්පැනර් එක -> Import BOokmarks & Settings වෙත ගියවිට එන popup එකේ dropdown මෙනුවෙන් Google Toolbar තෝරා Import ඔබන්න.

දැන් ක්‍රෝම් වල බුක්මාර්ක් ටූල්බාර් එකේ Other Bookmarks තුලට Google Bookmarks import වී ඇති.

4 comments:

Indranama said...

මේ --enable-sync switch එකෙන් වෙන්නෙ මොකක්ද?

කාලිංග said...

@ප්‍රවීන්

ඒකෙන් වෙන්නේ bookmarks sync එක enable වෙන එක, මේවා ටෙස්ට් නිසා browser එකේ option එකක් නෑ button එකකින් enable කරන්න, startup switch එකකින් තමයි enable කරන්න ඕනේ.

Indranama said...

ආ.. හරි හරි..
දැං තේරුණා ! :D

Indranama said...

යකෝ තිලිණ ගෙ බ්ලොග් එක කියවන්න ජපන්නුත් එනවනෙ :P