Friday, May 14, 2010

ව්‍යායාම සහ css වගුවේ කතාව

උදේ ඉදන් හවස් වෙනකනුයි පස්සෙ ගෙදර ගියාමයි කරන එකම වැඩේ කම්පියුටර් ගැහිල්ල නිසා ඇගට කිසිම ව්‍යයාමයක් නෑ. විහිලුවට වගේ බර කිරල බැලුවහම කිලෝම 73ක්. BMI එක බැලුවහම බර වැඩියි.

BMI එක කිව්වේ Body mass index. පොඩි කාලෙ ඉස්කෝලෙ ඉගනගත්තෙ. වැඩි විස්තර ඕනනම් මේ විකිපීඩියා පිටුව බලන්න.

මේක හොයන්නේ බර, උසේ වර්ගයෙන් බෙදලා.

බර / උස x උස

මේ ගාන හදල බැලුවම නීරෝගී පුද්ගලයෙක්ගේ 18.5 - 24.9 අතර උත්තරයක් එන්න ඕන. මොකක් හරි ඇක්‍ෂන් එකක් ගත්තෙ නැතොත් වැඩේ අල වෙන නිසා හිතුනා ටිකක් දුවන්න ඕන කියලා. ඔෆිස් එකට ගිහින් ඔය කතාව කිව්වම තමයි මීටර් උනේ කට්ටියට ම තේරිලා කියල ඇගට ව්‍යයාමයක් අවශ්ය බව. උදේම නැගිටලා දුවන එක කෙරෙන්නෙ නැ වැඩක් නිසා කට්ටියම එකග වුනා දවසක් ඇර දවසක් ඔෆිස් ඉවර වෙලා හවස ඔෆිස් එක ගාව ඉදන් පාර්ලිමන්ට්ග්‍රවුන්ඩ් එකට දුවල පන තිබ්බොතින් ග්‍රවුන්ඩ් එකෙත් වටයක් දුවල ආපහු ඔෆිස් එකට එන්න. හැබැයි හුගක් දවසට මුලින් දුවන්න කැමතිවලා හිටපු කට්ටියටත් ඇදුම්, සපත්තු එහෙම ගේන්න අමතක වෙනවා. කොහොමහරි මමයි තව එක්කෙනෙකුයි තමයි හැමදාම වගේ අන්තිමේදි වැඩේට සෙට් වෙන්නේ.

දවසක් ඇර දවසක් දිව්වා කියමුකෝ. ප්‍රෝග්‍රස් එක බලන්න විදිහකුත් එපැයි. වෙබ්සයිට් නම් ඕනතරම් තියනවා වැඩේ කරන්න. ඒත් මට හිතුනා මම ම වගුවක් හදාගන්න ඕන කියල වැඩේට. Google Chart API එකෙන් නම් ලේසියෙන්ම හදන්න පුලුවන් චාට්. ටිකක් කල්පනා කරාම හිතුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරාගන්නත් එක්ක වැඩේ ටිකක් වෙනස් විදිහට කරන්න.

ප්ලෑන් එක තමයි ඉමේජ් පාවිච්චි කරන්නෙ නැතුව css, html, js පාවිච්චි කරල චාට් එක ඇදීම. මුලින්ම එන ප්‍රශ්නෙ ඇද ඉරි අදින එක. කැන්වස් එකෙන් වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් උනත් මම පාව්ච්චි කරා වෙන ක්‍රමයක්.

ඩිව් එකක් තියනවා.
div


ඒකට අපි ට්කක් ලොකු රතුපාට බෝඩර් එකක් දානවා.
div


දැන් අපි බෝඩර් වල පාට වෙනස් කරලා බලමු. උඩට ,යටට කොලපාට පැත්තට රතුපාට.
div
පේනවා නේද උඩයි පැත්තෙයි බෝඩර් සෙට්වෙන තැන්වල ඇල හැඩයක්. ඒ හැඩේ තමයි මම පාවිච්චි කරේ ඇද ඉරි වලට. උදාහරනයක් විදිහට මේ කොටුවෙම වම් පැත්තේ සහ උඩ බෝඩර් විතරක් තියලා පලල 0 කරලා උඩ බෝඩර් එක සුදුපාට කරොත්
div


ඊට පස්සේ දවසින් දවස බර අරගෙන ලිස්ට් එකක දැම්මම ස්වයංක්‍රීයව වගුව ඇදෙන්න jQuery වලින් ප්ලගින් එකක් හැදුවා. මෙතනින් බලන්න (උදාහරණයක් විතරයි, තියන දත්ත වැරදියි). කොලපාටින් පේන්නේ ක්‍රමයෙන් අඩුවීම, රතුපාටින් වැඩිවීම. එහෙමයි කිසිම පින්තූරයක් පාවිච්චි නොකර css වලින්ම වගුවක් හැදුවේ

4 comments:

Gayan Tharaka said...

ඒකත් සිරා වැඩක් තමයි. පින්තූර නැතිව චාට් ඇදිල්ල. වෙන වෙලාවක ස්ටඩි කරල බලන්නම්.
මාසෙකට පස්සෙ හරි බ්ලොග් එකක් තියේ කියල මතක් වෙච්ච එක නම් ලොකු දෙයක්.

Anonymous said...

ලිපිය තේරැනේනම් නැ නමුත් ලිපියක් කියුවාම කමෙන්ට් දාන එක මගේ හැටි එකයි කමෙන්ට් දැම්මේ

හර්ෂදේව ආරියසිංහ said...

ෂා! නියම අදහසක්නේ!! අපිටත් පාවිච්චි කරන්න පුලුවන් විදියට plugin එක release කරන්න. :)

mahathun said...

ෂා... එලනේ....මට ඔහොම එකක් හිතිලම නැහැ.... ගින්දර ගින්දර..... try එකක් දීලා බලන්න ඕනේ.....
තෑන්ක් යූ වේවා....