හැබැයි ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ෆිල්ම් එකේ නම කොපි කරගෙන ආපහු ඒක imdb එකේ හොයන එක ටිකක් කම්මැලි වෙලායන වැඩක්. (ගුගල් ක්‍රෝම් එකේ නම් නම සිලෙක්ට් කරලා රයිට්ක්ලික් කරාම එන මෙනු එකෙන් search google for... තෝරලා google search පිටුවට ගියාම එන පලවෙනි රිසල්ට් එක ෆිල්ම් එකට අදාල imdb පිටුව). කොහොමහරි මේ වැඩේ බ්‍රව්සර් එකේ එකම ටැබ් එකක කරන්න පුලුවන් නම් ලේසී කියල මට හිතුනා. එතකොට මට මතක් උනා smashingmag එකේ තිබුන ලිපියක්. පොඩි වෙනස්කම් ටිකක් කරල imdb එකට හරියන්න හදාගත්තා. tgunasekara.com/playground/imdb/
මෙහෙමයි පාවිච්චි කරන්නේ..
මුලින්ම tgunasekara.com/playground/imdb/ පිටුවට ගිහිල්ලා check movie කියල තියන ලින්ක් එක බ්‍රව්සර් එකේ bookmarks bar එකට drag කරගන්න.
bookmarks bar එකේ 'Check movie' කියලා අලුත් ලින්ක් එකක් පෙනේවි.
දැන් තමන් කැමති ටොරන්ට් / ස්ට්රීමින් සයිට් එකේදී මේ bookmarklet එක පාවිච්චි කරන්න පුලුවන්.
මම හුගක් වෙලාවට යන්නේ quicksilverscreen. ෆිල්ම් එකේ නම සිලෙක්ට් කරලා bookmark bar එකේ 'Ckeck movie' ක්ලික් කරන්න.
දැන් ඒ ෆිල්ම් එකට අදාල විස්තරය එම ටැබ් එකේම පෙනේවි.
මේ විදිහට ටොරන්ට් සයිට් එකක වුනත් ඉක්මනින් imdb විස්තර බලාගන්න පුලුවන්. කරන්න අවශ්ය නම තෝරලා 'Check movie' ක්ලික් කරන එක විතරයි.