Thursday, August 28, 2008

css | absolute/relative position ගැන

වෙබ් අඩවියක්‌ සැදීමේදි අපි පාවිච්චි කරන div ස්‌තානගත කිරීමට ක්‍රම කිහිපයක්‌ තියෙනවා. සාමාන්යෙන් අපි div එකක්‌ පිටුවට අතුලත් කල පසු එහි සම්මත පිහිටීම (default) වන්නේ position:static .පිටුවට තව තවත් div එකතු කරන විට ඒවා ක්‍රමානුකූලව කලින් එකතු කල div වලට පහලින් ස්‌තානගත වෙනවා. මෙලෙස ක්‍රමානුකූලව යටින් එකතු කරනවා වෙනුවට අපිට අවශ්‍ය තැනකට කෙලින්ම div එකක්‌ එකතු කරන විට අපි පාවිච්චි කරන්නේ "absolute position". මෙය css හි position:absolute ආකාරයට ලියන්න පුලුවන්.

උදාහරණය:

positioning 1
සබැදිය බලන්න

html

div 1 content here

div 2 content here

css
#div1 { }

#div2 { }

රූපයේ දක්‌වා ඇති පරිදි පිටුවට div1, div2 වශයෙන් div එකතු කර තිබෙනවා. එම div වල position සදහා අපි වෙනම අගයන් css වලින් ලබා දී නැහැ (default). එමනිසා ඒවා පවතින්නේ position:static වශයෙන්. දැන් අපි div3 නමින් තවත් div එකක්‌ එකතු කරමු. මෙහි position එකත් default අගය නිසා එය div2 එකට යටින් එකතු වෙනවා.

positioning 2
සබැදිය බලන්න

html

div 1 content here

div 2 content here

div 3 content here

css
#div1 { }

#div2 { }

#div3 { }

අපි සිතමු අපිට div3 එක div1 මතට පහත රූපයේ ආකාරයට එකතු කිරීමට අවශ්‍යයි කියා. එවිට තමයි 'Absolute Positioning' අවශ්‍ය වන්නේ.

positioning 3

මෙහිදී අපි div 3 සදහා position:absolute ලෙස ලබා දෙනවා. වම් පැත්තෙන් පික්‌සල් 50ක ඉඩක්‌ අවශ්‍ය නිසා left:50px; වශයෙන් ලබා දෙනවා. (අවශ්‍ය තැනකට div 3 ස්‌තානගත කිරීම සදහා css හි top, right, bottom, left යොදාගන්න පුලුවන්.

css
#div1 { }

#div2 { }

#div3 {
position:absolute;
left:50px;
top:0;

සබැදිය බලන්න

දැන් අපි fixed width වෙබ් අඩවියක්‌ සදහා මෙය යොදාගන්න ආකාරය බලමු.

positioning 4

html

div 1 content here

div 2 content here

css
#wrapper {
margin:0 auto;
width:500px;

#div1 { }

#div2 { }

සබැදිය බලන්න

කලින් ආකාරයටම div 1 මතට div 3 දැමීමට උත්සාහ කරමු.

html

div 1 content here

div 2 content here

div 3 content here

css
#wrapper {
margin:0 auto;
width:500px;

#div1 { }

#div2 { }

#div3 {
position:absolute;
left:50px;
top:0;

සබැදිය බලන්න

අපිට අවශ්‍ය ආකාරයටම වැඩේ නැහැ නේද. අපි wrapper එක පික්‌සල් 500ක පලලකට සීමා කලත් div 3 එක පිටුව පුරාම තිබෙනවා. මෙයට හේතුව වන්නේ position absolute කල div බ්‍රවුසර කවුලුවේ ප්‍රමානයට අනුකූලව හැඩගැසීමයි. div 3 එක බ්‍රව්සර කවුලුවට වම් පැත්තෙන් පික්‌සල් 50ක්‌ ඈතින් ස්‌තානගත වී තිබෙනවා. මෙය නිවැරදි කරගැනීමට අපිට 'Relative Positioning' පාවිච්චි කරන්නට පුලුවන්. එවිට position:relative කල div තුල ඇති position:absolute කල div ක්‍රියා කරන්නේ එම position:relative කල div එකට අනුරූපවයි. උදාහරනයට අනුව div 3 එක ස්‌තානගත වන්නේ position:relative කල wrapper div එකට අනුවයි.

css
#wrapper {
position:relative;
margin:0 auto;
width:500px;

#div1 { }

#div2 { }

#div3 {
position:absolute;
left:50px;
top:0;

සබැදිය බලන්න

ඔන්න දැන් හරි!

මම හැකි තරම් පැහැදිලි කරන්න උත්සාහ කලා. ගැටලු ඇත්නම් ඉදිරිපත් කරන්න.

Wednesday, August 20, 2008

නැවත මායා ලෝකයට - world of warcraft

විවේකයක්‌ ලැබෙන වෙලාවට සෙල්ලම් කොරන්න අපහු මගේ World of Warcraft account එක activate කරා!. මාස ගානකට පස්‌සෙ නෙ ආපහු login උනේ. බලද්දි අපේ පරන guild එකේ කට්‌ටිය කවුරුත් නැහැ. ඒකෙ බාගෙට බාගයක්‌ හිටියෙ ජපානෙ ඔකිනාවා ඇමරිකන් හමුදා කදවුරේ මෙරීන් සෙබලු. ඒ කට්‌ටියට ඉරාකෙ යන්න වෙලා. ඉරාකෙ ඉදෙද්දි මොන ගේම් ද. ඒක නිසා මම අලුත් guild එකකට බැදුනා.The High Council guild එක US Terenas Server එකේ ඉන්න හොද කන්ඩායමක්‌. අලුත් අත්දැකීම් ගොඩක්‌ ලබාගන්න අවස්‌තා උදා වේවි මේ පාර.

Sunday, August 10, 2008

බලු පැටියගෙ නිදිමත

හි හි.. අවුරුද්දට අපේ ආත්තම්මගේ ගෙදර ගියාම වීඩියෝ කරේ. නම ස්‌නෝවි. වයස මාසයයි. ඉපදිලා තියෙන්නේ අප්‍රේල් 1 වෙනිදා. හි හි.

YouTube පිටුව

ටොරන්ට්‌ (torrent) වේගවත් කරගන්න ඉගි

මම පවිච්චි කරන්නේ SLT ADSL 512 Home අන්තර්ජාල සම්භන්දතාවයක්‌. මෙහි ටොරන්ට්‌ 50kB/s වේගය පහසුවෙන්ම ලගාවිම සදහා මම භවිතා කරන ටොරන්ට්‌ මෘදුකාංගය සහ එහි සැකසුම් ගැනයි මේ.

මගේ ප්‍රියතම ටොරන්ට්‌ ඩවුන්ලෝඩරය µTorrent.

ඉතාම සැහැල්ලු මෘදුකාංගයක්‌ වන මෙය windows සදහා මෙතනින් බාගත කරගන්නට පුලුවන්.(260kB)

filesize අතින් ඉතා කුඩා වන අතරම ප්‍රොසෙසර් පාවිච්චිය ද ඉතා අඩුයි. සාමාන්‍ය ප්‍රොසෙසරයක µTorrent සමග අනිකුත් වෙනත් වැඩසටහන් පාවිච්චි කිරීමට කිසිම අපහසුවක්‌ නැහැ. ඒ වාගේම ටොරන්ට්‌ වේගවත් කරගැනීම සදහා මෙහි සැකසුම් රාශියක්‌ අඩංගුයි.

ඔබ අන්තර්ජාලයට පිවිසීම සදහා භවිතා කරන්න්නෙ රවුටරයක්‌ (router) නම් port forward කිරීම මගින් ටොරන්ට්‌ වේගය වැඩිකරගත හැකියි. මේ සදහා µTorrent ස්‌තාපනය කල පසු එහි Options > Speed Guide.. වෙත ගොස්‌ Current Port අගය පිටපත් කරගන්න
currentport

ඉන්පසු ඔබේ රවුටරයේ port forwarding හෝ virtual servers වෙත ගොස්‌ එම current port අගය ඔබේ ටොරන්ට්‌ බාගත කරන පරිගනකයේ IP ලිපිනයට forward කරන්න. සියලුම රවුටර වර්ග සදහා port forwarding විස්‌තර portforward.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

512 අන්තර්ජාල සම්බන්දතාවයේදී ඔබේ ටොරන්ට්‌ upload වේගය 6-10kB/s අතර පවත්වා ගැනීම මගින් ටොරන්ට්‌ වේගය වැඩිවන අතර ටොරන්ට්‌ බාගත කරන අතරතුර වෙබ් අඩවි වලට පිවිසීම පහසු වේ.
upload speed

ඒ අතරම ටොරන්ට්‌ බාගත කිරීමෙදී seeds/peers අගය ගැන සැලකිලිමත් වන්න.seeds 100 සහ peers 500 ට වඩා පහසුවෙන් seeds 100, peers 100 ඇති ටොරන්ට්‌ එක බාගත වේවි.