Wednesday, March 11, 2009

Windows 7 වල මම කැමති දේ

ඉදිරියේදි නිකුත් වීමට නියමිත අලුත්ම Windows වෙලුම තමයි Windows 7. අගෝස්‌තු පලවෙනිදා වෙනකන් beta සංස්‌කරනය නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් නිසා මටත් හිතුනා උත්සාහ කර බලන්න. දැනට මාසයක්‌ විතර සැහෙන්න හොඳින් වැඩ කල නිසා මේ ගැන බ්ලොග් සටහනක්‌ ලියන්න අදහස්‌ කලේ.

ඇත්තටම Windows 7 beta තත්ත්වයේ තවම තිබුනත් Windows Vista වලට වඩා ගොඩක්‌ ස්‌ථායී(stable). මම පාවිච්චි කල කාලය අතරතුර එක වරක්‌ වත් stuck උනේ නැහැ.System resources පාවිච්චියත් සතුටුදායක මට්‌ටමක තියෙනවා. මම ස්‌තාපනය කල පරිගණකය සාමාන්‍ය core 2 duo processor සහ 2GB RAM සහිත Onboard Graphics ඇති එකක්‌. මට දැනගන්න ලැබුනා අඩු RAM ප්‍රමාණ වලත් Windows 7 හොදින් ක්‍රියා කරන බව.

Windows 7 වල ඉතා සිත්ගන්නාසුලු අංග රාශියක්‌ තිබෙනවා. මම ඒවා තිරපිටපත් සමග ඉදිරිපත් කරන්නම්.

windows 7 desktopWindows 7 Desktop

මම Windows 7 වල වඩාත්ම කැමති අංගය එහි task bar එකයි. වැඩි ඉඩක්‌ ගන්නේ නැතිව ඉතාමත් පහසුවෙන් පාවිච්චි කල හැකි task bar එකක්‌ windows 7 සතුව තිබෙනවා. එහි අපි නිතර පාවිච්චි කරන වැඩසටහන් වල shortcut තබාගන්න පුලුවන්. ඒ වගේම දැනට විවෘත වැඩසටහන් පෙන්වන්නේත් එතැනමයි.

windows 7 taskbarWindows 7 Taskbar

වැඩසටහනක කලින් වැඩ කල පිටුවක්‌ විවෘත කරන්න අවශ්‍යනම් කල යුත්තේ එම අයිකන කිරීම පමණයි. එහිදී මතුවන මෙනු එකෙන් අපි කලින් වැඩකරමින් සිටි ගොනු පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Taskbar එකේ icon mouseover කරද්දී දැනට විවෘතව ඇති windows පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Windows 7 වල තවත් වැදගත් අංගයක්‌ තමයි Notification Icon Manager එක. මෙයින් System Tray එකේ එන කුඩා අයිකන පාලනය කරන්න පුලුවන්.

windows 7 taskbarWindows 7 Taskbar

මම මේ කිව්වේ User Interface එක අතින් windows 7 වල මම කැමති දේ. Backend ගැන ඉදිරි post එකක කතා කරමු!