Thursday, July 8, 2010

හොඳ චිත්‍රපටි බලාගන්න ලේසි විදිහක්

ෆිල්ම්හෝල් වලට එන ඉංග්‍රීසි ෆිල්ම් අතලොස්සක් ඇරෙන්න අපිට ෆිල්ම් බලන්න තියන ලේසිම විදිහ, ටොරන්ට් හරි ස්ට්‍රීමින් සයිට් එකක බලන එක. ෆිල්ම් එක ගැන හොයන්නෙ බලන්නෙ නැතුව පැය ගානක් ඩවුන්ලෝඩ් කරාට පස්සෙ බලද්දී තමයි තේරෙන්නේ කිසි වැඩකට නැති ෆිල්ම් එකක් කියලා. ෆිල්ම් එකක් ගැන අනිත් අය කියන්නේ මොනවද කියල බලන්න ලේසිම/හොදම තැන තමයි imdb - internet movie database එක. මෙතන තියනවා හැම ෆිල්ම් එකකම වගේ විස්තර. මම බලන්නේ user rating එක 6 ට වඩා වැඩි ඒවා. ඕනනම් ඉතින් imdb පිටුවේ පහලම තියන බලලත් ෆිල්ම් එක ගැන වැඩි අදහසක් ගන්න පුලුවන්.
හැබැයි ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ෆිල්ම් එකේ නම කොපි කරගෙන ආපහු ඒක imdb එකේ හොයන එක ටිකක් කම්මැලි වෙලායන වැඩක්. (ගුගල් ක්‍රෝම් එකේ නම් නම සිලෙක්ට් කරලා රයිට්ක්ලික් කරාම එන මෙනු එකෙන් search google for... තෝරලා google search පිටුවට ගියාම එන පලවෙනි රිසල්ට් එක ෆිල්ම් එකට අදාල imdb පිටුව). කොහොමහරි මේ වැඩේ බ්‍රව්සර් එකේ එකම ටැබ් එකක කරන්න පුලුවන් නම් ලේසී කියල මට හිතුනා. එතකොට මට මතක් උනා smashingmag එකේ තිබුන ලිපියක්. පොඩි වෙනස්කම් ටිකක් කරල imdb එකට හරියන්න හදාගත්තා. tgunasekara.com/playground/imdb/ මෙහෙමයි පාවිච්චි කරන්නේ..
මුලින්ම tgunasekara.com/playground/imdb/ පිටුවට ගිහිල්ලා check movie කියල තියන ලින්ක් එක බ්‍රව්සර් එකේ bookmarks bar එකට drag කරගන්න.
bookmarks bar එකේ 'Check movie' කියලා අලුත් ලින්ක් එකක් පෙනේවි.
දැන් තමන් කැමති ටොරන්ට් / ස්ට්රීමින් සයිට් එකේදී මේ bookmarklet එක පාවිච්චි කරන්න පුලුවන්.
මම හුගක් වෙලාවට යන්නේ quicksilverscreen. ෆිල්ම් එකේ නම සිලෙක්ට් කරලා bookmark bar එකේ 'Ckeck movie' ක්ලික් කරන්න.
දැන් ඒ ෆිල්ම් එකට අදාල විස්තරය එම ටැබ් එකේම පෙනේවි.
මේ විදිහට ටොරන්ට් සයිට් එකක වුනත් ඉක්මනින් imdb විස්තර බලාගන්න පුලුවන්. කරන්න අවශ්ය නම තෝරලා 'Check movie' ක්ලික් කරන එක විතරයි.

Friday, May 14, 2010

ව්‍යායාම සහ css වගුවේ කතාව

උදේ ඉදන් හවස් වෙනකනුයි පස්සෙ ගෙදර ගියාමයි කරන එකම වැඩේ කම්පියුටර් ගැහිල්ල නිසා ඇගට කිසිම ව්‍යයාමයක් නෑ. විහිලුවට වගේ බර කිරල බැලුවහම කිලෝම 73ක්. BMI එක බැලුවහම බර වැඩියි.

BMI එක කිව්වේ Body mass index. පොඩි කාලෙ ඉස්කෝලෙ ඉගනගත්තෙ. වැඩි විස්තර ඕනනම් මේ විකිපීඩියා පිටුව බලන්න.

මේක හොයන්නේ බර, උසේ වර්ගයෙන් බෙදලා.

බර / උස x උස

මේ ගාන හදල බැලුවම නීරෝගී පුද්ගලයෙක්ගේ 18.5 - 24.9 අතර උත්තරයක් එන්න ඕන. මොකක් හරි ඇක්‍ෂන් එකක් ගත්තෙ නැතොත් වැඩේ අල වෙන නිසා හිතුනා ටිකක් දුවන්න ඕන කියලා. ඔෆිස් එකට ගිහින් ඔය කතාව කිව්වම තමයි මීටර් උනේ කට්ටියට ම තේරිලා කියල ඇගට ව්‍යයාමයක් අවශ්ය බව. උදේම නැගිටලා දුවන එක කෙරෙන්නෙ නැ වැඩක් නිසා කට්ටියම එකග වුනා දවසක් ඇර දවසක් ඔෆිස් ඉවර වෙලා හවස ඔෆිස් එක ගාව ඉදන් පාර්ලිමන්ට්ග්‍රවුන්ඩ් එකට දුවල පන තිබ්බොතින් ග්‍රවුන්ඩ් එකෙත් වටයක් දුවල ආපහු ඔෆිස් එකට එන්න. හැබැයි හුගක් දවසට මුලින් දුවන්න කැමතිවලා හිටපු කට්ටියටත් ඇදුම්, සපත්තු එහෙම ගේන්න අමතක වෙනවා. කොහොමහරි මමයි තව එක්කෙනෙකුයි තමයි හැමදාම වගේ අන්තිමේදි වැඩේට සෙට් වෙන්නේ.

දවසක් ඇර දවසක් දිව්වා කියමුකෝ. ප්‍රෝග්‍රස් එක බලන්න විදිහකුත් එපැයි. වෙබ්සයිට් නම් ඕනතරම් තියනවා වැඩේ කරන්න. ඒත් මට හිතුනා මම ම වගුවක් හදාගන්න ඕන කියල වැඩේට. Google Chart API එකෙන් නම් ලේසියෙන්ම හදන්න පුලුවන් චාට්. ටිකක් කල්පනා කරාම හිතුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරාගන්නත් එක්ක වැඩේ ටිකක් වෙනස් විදිහට කරන්න.

ප්ලෑන් එක තමයි ඉමේජ් පාවිච්චි කරන්නෙ නැතුව css, html, js පාවිච්චි කරල චාට් එක ඇදීම. මුලින්ම එන ප්‍රශ්නෙ ඇද ඉරි අදින එක. කැන්වස් එකෙන් වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් උනත් මම පාව්ච්චි කරා වෙන ක්‍රමයක්.

ඩිව් එකක් තියනවා.
div


ඒකට අපි ට්කක් ලොකු රතුපාට බෝඩර් එකක් දානවා.
div


දැන් අපි බෝඩර් වල පාට වෙනස් කරලා බලමු. උඩට ,යටට කොලපාට පැත්තට රතුපාට.
div
පේනවා නේද උඩයි පැත්තෙයි බෝඩර් සෙට්වෙන තැන්වල ඇල හැඩයක්. ඒ හැඩේ තමයි මම පාවිච්චි කරේ ඇද ඉරි වලට. උදාහරනයක් විදිහට මේ කොටුවෙම වම් පැත්තේ සහ උඩ බෝඩර් විතරක් තියලා පලල 0 කරලා උඩ බෝඩර් එක සුදුපාට කරොත්
div


ඊට පස්සේ දවසින් දවස බර අරගෙන ලිස්ට් එකක දැම්මම ස්වයංක්‍රීයව වගුව ඇදෙන්න jQuery වලින් ප්ලගින් එකක් හැදුවා. මෙතනින් බලන්න (උදාහරණයක් විතරයි, තියන දත්ත වැරදියි). කොලපාටින් පේන්නේ ක්‍රමයෙන් අඩුවීම, රතුපාටින් වැඩිවීම. එහෙමයි කිසිම පින්තූරයක් පාවිච්චි නොකර css වලින්ම වගුවක් හැදුවේ

Tuesday, February 16, 2010

සින්ඩියේ ඉදිරි ගමන

මම දකින විදිහට සිංහල යුනිකේතයෙන් බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිපි වලට පුලුල් පාඨක පිරිසක් ලගාකර ගැනීමට සින්ඩියෙන් සිදුවන්නේ මනා සේවයක්. තාක්ෂනික, ආගමික දේශපාලනික ආදී නානාවිද බ්ලොග් අඩවි වල ලිපි සින්ඩියේ පලවනවා. ඒ වගේම බ්ලොග් කියවන පාඨක පිරිසත් විවිදයි. සමහරු කැමති තාක්ෂනික දේවල් තියෙන බ්ලොග් බලන්න. සමහරු දේශපාලනික අදහස් ලියන බ්ලොග් වලට කැමතියි. බ්ලොග් අඩවි වර්ගීකරණය කිරීම මගින් කියවන්නන්ට තමන් කැමති ආරේ බ්ලොග් අඩවි කියවීමට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, දේශපාලනික බ්ලොග් අඩවි කියවීමට කැමති නම් http://blogs.sinhalabloggers.com/political/ බුක්මාර්ක් කරගන්න පුලුවන්. තාක්‍ෂනික බ්ලොග් වලට http://blogs.sinhalabloggers.com/technology/ මේ ක්‍රමය කියවන්නන්ට පහසුවක්.
දැනට ඇති ප්‍රධාන ගැටලු
  • බ්ලොග්කරුවෙකුට තෝරාගත හැක්කේ කැටගරි දෙකක් පමණයි.
    • මෙම වර්ගීකරණය බ්ලොග් වශයෙන් නැතිව ලිපි වශයෙන් කරන්න පුලුවන්නම් වඩා හොදයි. නමුත් දැනට ඇති තාක්ෂනික ගැටලු සමග අඩු වියදමකින් මෙය කරන අයුරක් සොයාගත යුතුයි. බොහොමයක් බ්ලොග් එකම තේමාවකින් ලිපි පලකලත් සමහර බ්ලොග් විවිද තේමා වල ලිපි ලිවීමේදී දැනට තිබෙන ක්‍රමය අනුව ලිපි අදාල කැටගරියේ පල නොවීම ගැටලුවක්. උදා: තාක්ෂනික බ්ලොග් අඩවියක්ලෙස වර්ගීකරණය වී ඇති බ්ලොග් අඩවියක දේශපාලනික කරුණක් ගැන ලිපියක් ලියැවුනොත් එම ලිපියත් පලවන්නේ තාක්ෂනික කැටගරියේමයි.
  • මුල් පිටුවේ සෑම කැටගරියක්ම නොපෙන්වීම
    • සින්ඩියේ මුල්පිටුවේ මෙලෙස සමහර කැටගරි නොපෙන්වීමට සිදුවීම කණගාටුවට කරුණක්. තමන්ට කැමති කැටගරියකට පාඨකයාට කෙලින්ම යාහැකි නිසා බ්ලොග් ලියන්නන්ට ඇතිවියහැකි පාඩුව අවමයි.
    • දේශපාලන බ්ලොග් මුල්පිටුවෙන් ඉවත් කිරීම පිලිබදව වැරදි වටහාගැනීම් අනවශ්‍යයි. දේශපාලන අඩවි කියවන පාඨකයන් විශාල ප්‍රමාණයක් සින්ඩියට දිනපතා එනවා. එම අඩවි කියවීමට අවශ්‍යනම් අදාල කැටගරියට යෑම පමණයි කල යුත්තේ. මේ කරුණ හොදින් දන්නා නිසාමයි එම කැටගරියට අදාල ලින්ක් එක පැහැදිලිව පෙනෙන ලෙස සකසා තිබෙනේ.
  • බ්ලොග් අඩවි සින්ඩියට එකතු කිරීමට ඇති පමාව
    • දැනට දිනපතා සින්ඩියට නව බ්ලොග් අඩවි 10-20 අතර ප්‍රමාණයක් එකතු කිරීමට ඉල්ලුම් කෙරෙනවා. මේ සියලු බ්ලොග් අඩවි වෙත ගොස් සින්ඩියට සුදුසු බ්ලොග් අඩවි පමණක් එකතු කිරීම යම් කාලයක් වැයවෙන කටයුත්තක්. සින්ඩියේ බ්ලොග් අඩවි වල ගුණාත්මකබව හැකිතරම් ආරක්‍ෂා කිරීමට සිදුවන නිසා සැලකියයුතු වේලාවක් නව බ්ලොග් අඩවි පරීක්‍ෂාකිරීමට ගතවෙනවා.
විසදුම්
  • මේ දිනවල බ්ලොග් අඩවි එකතුකිරීමේ පමාව යම්තාක්දුරට හෝ අඩුකරගැනීමට ක්‍රමයක් සැකසෙමින් පවතිනවා.
  • දැනට සින්ඩිය සදහා පාවිච්චි කරන වෙබ් වැඩසටහනේ අඩුපාඩු සහ සර්වර් සදහා වැයවන අධික වියදම අවම කර ගැනීමට නව සින්ඩි වැඩසටහනක් සාදමින් පවතිනවා.
  • බ්ලොග් වර්ගීකරණය කිරීමේදී බ්ලොග් වශයෙන් වර්ගීකරණය නොකර ලිපි වශයෙන් වර්ගීකරණය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් තවම නැහැ. බ්ලොග් ලියන්නන් සම්මත කැටගරි ක්‍රමයකට ලිපි ලියනවා නම් මෙයට විසදුමක් සොයාගැනීම පහසු වේවි. නමුත් මෙය ප්‍රායෝගික නැති බව වැටහෙනවා.
සින්ඩිය සදහා නව අදහස් හෝ විසදුම් admin[at]sinhalabloggers[.]com වෙත එවන්න.
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
බ්ලොග් ලියන සහෘදයන්ගෙන් ඉල්ලා සිටින්නේ සින්ඩියෙන් ප්‍රයෝජන ලබාගන්නා අතරම සින්ඩියේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.