Tuesday, February 16, 2010

සින්ඩියේ ඉදිරි ගමන

මම දකින විදිහට සිංහල යුනිකේතයෙන් බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිපි වලට පුලුල් පාඨක පිරිසක් ලගාකර ගැනීමට සින්ඩියෙන් සිදුවන්නේ මනා සේවයක්. තාක්ෂනික, ආගමික දේශපාලනික ආදී නානාවිද බ්ලොග් අඩවි වල ලිපි සින්ඩියේ පලවනවා. ඒ වගේම බ්ලොග් කියවන පාඨක පිරිසත් විවිදයි. සමහරු කැමති තාක්ෂනික දේවල් තියෙන බ්ලොග් බලන්න. සමහරු දේශපාලනික අදහස් ලියන බ්ලොග් වලට කැමතියි. බ්ලොග් අඩවි වර්ගීකරණය කිරීම මගින් කියවන්නන්ට තමන් කැමති ආරේ බ්ලොග් අඩවි කියවීමට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, දේශපාලනික බ්ලොග් අඩවි කියවීමට කැමති නම් http://blogs.sinhalabloggers.com/political/ බුක්මාර්ක් කරගන්න පුලුවන්. තාක්‍ෂනික බ්ලොග් වලට http://blogs.sinhalabloggers.com/technology/ මේ ක්‍රමය කියවන්නන්ට පහසුවක්.
දැනට ඇති ප්‍රධාන ගැටලු
  • බ්ලොග්කරුවෙකුට තෝරාගත හැක්කේ කැටගරි දෙකක් පමණයි.
    • මෙම වර්ගීකරණය බ්ලොග් වශයෙන් නැතිව ලිපි වශයෙන් කරන්න පුලුවන්නම් වඩා හොදයි. නමුත් දැනට ඇති තාක්ෂනික ගැටලු සමග අඩු වියදමකින් මෙය කරන අයුරක් සොයාගත යුතුයි. බොහොමයක් බ්ලොග් එකම තේමාවකින් ලිපි පලකලත් සමහර බ්ලොග් විවිද තේමා වල ලිපි ලිවීමේදී දැනට තිබෙන ක්‍රමය අනුව ලිපි අදාල කැටගරියේ පල නොවීම ගැටලුවක්. උදා: තාක්ෂනික බ්ලොග් අඩවියක්ලෙස වර්ගීකරණය වී ඇති බ්ලොග් අඩවියක දේශපාලනික කරුණක් ගැන ලිපියක් ලියැවුනොත් එම ලිපියත් පලවන්නේ තාක්ෂනික කැටගරියේමයි.
  • මුල් පිටුවේ සෑම කැටගරියක්ම නොපෙන්වීම
    • සින්ඩියේ මුල්පිටුවේ මෙලෙස සමහර කැටගරි නොපෙන්වීමට සිදුවීම කණගාටුවට කරුණක්. තමන්ට කැමති කැටගරියකට පාඨකයාට කෙලින්ම යාහැකි නිසා බ්ලොග් ලියන්නන්ට ඇතිවියහැකි පාඩුව අවමයි.
    • දේශපාලන බ්ලොග් මුල්පිටුවෙන් ඉවත් කිරීම පිලිබදව වැරදි වටහාගැනීම් අනවශ්‍යයි. දේශපාලන අඩවි කියවන පාඨකයන් විශාල ප්‍රමාණයක් සින්ඩියට දිනපතා එනවා. එම අඩවි කියවීමට අවශ්‍යනම් අදාල කැටගරියට යෑම පමණයි කල යුත්තේ. මේ කරුණ හොදින් දන්නා නිසාමයි එම කැටගරියට අදාල ලින්ක් එක පැහැදිලිව පෙනෙන ලෙස සකසා තිබෙනේ.
  • බ්ලොග් අඩවි සින්ඩියට එකතු කිරීමට ඇති පමාව
    • දැනට දිනපතා සින්ඩියට නව බ්ලොග් අඩවි 10-20 අතර ප්‍රමාණයක් එකතු කිරීමට ඉල්ලුම් කෙරෙනවා. මේ සියලු බ්ලොග් අඩවි වෙත ගොස් සින්ඩියට සුදුසු බ්ලොග් අඩවි පමණක් එකතු කිරීම යම් කාලයක් වැයවෙන කටයුත්තක්. සින්ඩියේ බ්ලොග් අඩවි වල ගුණාත්මකබව හැකිතරම් ආරක්‍ෂා කිරීමට සිදුවන නිසා සැලකියයුතු වේලාවක් නව බ්ලොග් අඩවි පරීක්‍ෂාකිරීමට ගතවෙනවා.
විසදුම්
  • මේ දිනවල බ්ලොග් අඩවි එකතුකිරීමේ පමාව යම්තාක්දුරට හෝ අඩුකරගැනීමට ක්‍රමයක් සැකසෙමින් පවතිනවා.
  • දැනට සින්ඩිය සදහා පාවිච්චි කරන වෙබ් වැඩසටහනේ අඩුපාඩු සහ සර්වර් සදහා වැයවන අධික වියදම අවම කර ගැනීමට නව සින්ඩි වැඩසටහනක් සාදමින් පවතිනවා.
  • බ්ලොග් වර්ගීකරණය කිරීමේදී බ්ලොග් වශයෙන් වර්ගීකරණය නොකර ලිපි වශයෙන් වර්ගීකරණය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් තවම නැහැ. බ්ලොග් ලියන්නන් සම්මත කැටගරි ක්‍රමයකට ලිපි ලියනවා නම් මෙයට විසදුමක් සොයාගැනීම පහසු වේවි. නමුත් මෙය ප්‍රායෝගික නැති බව වැටහෙනවා.
සින්ඩිය සදහා නව අදහස් හෝ විසදුම් admin[at]sinhalabloggers[.]com වෙත එවන්න.
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
බ්ලොග් ලියන සහෘදයන්ගෙන් ඉල්ලා සිටින්නේ සින්ඩියෙන් ප්‍රයෝජන ලබාගන්නා අතරම සින්ඩියේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.