Sunday, August 10, 2008

ටොරන්ට්‌ (torrent) වේගවත් කරගන්න ඉගි

මම පවිච්චි කරන්නේ SLT ADSL 512 Home අන්තර්ජාල සම්භන්දතාවයක්‌. මෙහි ටොරන්ට්‌ 50kB/s වේගය පහසුවෙන්ම ලගාවිම සදහා මම භවිතා කරන ටොරන්ට්‌ මෘදුකාංගය සහ එහි සැකසුම් ගැනයි මේ.

මගේ ප්‍රියතම ටොරන්ට්‌ ඩවුන්ලෝඩරය µTorrent.

ඉතාම සැහැල්ලු මෘදුකාංගයක්‌ වන මෙය windows සදහා මෙතනින් බාගත කරගන්නට පුලුවන්.(260kB)

filesize අතින් ඉතා කුඩා වන අතරම ප්‍රොසෙසර් පාවිච්චිය ද ඉතා අඩුයි. සාමාන්‍ය ප්‍රොසෙසරයක µTorrent සමග අනිකුත් වෙනත් වැඩසටහන් පාවිච්චි කිරීමට කිසිම අපහසුවක්‌ නැහැ. ඒ වාගේම ටොරන්ට්‌ වේගවත් කරගැනීම සදහා මෙහි සැකසුම් රාශියක්‌ අඩංගුයි.

ඔබ අන්තර්ජාලයට පිවිසීම සදහා භවිතා කරන්න්නෙ රවුටරයක්‌ (router) නම් port forward කිරීම මගින් ටොරන්ට්‌ වේගය වැඩිකරගත හැකියි. මේ සදහා µTorrent ස්‌තාපනය කල පසු එහි Options > Speed Guide.. වෙත ගොස්‌ Current Port අගය පිටපත් කරගන්න
currentport

ඉන්පසු ඔබේ රවුටරයේ port forwarding හෝ virtual servers වෙත ගොස්‌ එම current port අගය ඔබේ ටොරන්ට්‌ බාගත කරන පරිගනකයේ IP ලිපිනයට forward කරන්න. සියලුම රවුටර වර්ග සදහා port forwarding විස්‌තර portforward.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

512 අන්තර්ජාල සම්බන්දතාවයේදී ඔබේ ටොරන්ට්‌ upload වේගය 6-10kB/s අතර පවත්වා ගැනීම මගින් ටොරන්ට්‌ වේගය වැඩිවන අතර ටොරන්ට්‌ බාගත කරන අතරතුර වෙබ් අඩවි වලට පිවිසීම පහසු වේ.
upload speed

ඒ අතරම ටොරන්ට්‌ බාගත කිරීමෙදී seeds/peers අගය ගැන සැලකිලිමත් වන්න.seeds 100 සහ peers 500 ට වඩා පහසුවෙන් seeds 100, peers 100 ඇති ටොරන්ට්‌ එක බාගත වේවි.

3 comments:

sanjeew said...

මගේ router එක් conexant එකක් ඒකෙ virtual server වලදි public port and private port ලෙස දෙකක් ඉල්ලනව, මේක හොයාගන්නෙ කොහොමද

තිලිණ said...

public port, private port දෙකටම එකම අගය යොදන්න. වැඩි දුර කියවන්න - http://www.portforward.com/english/routers/port_forwarding/Conexant/2-2-8-1/default.htm

තිලිණ said...

පැහැදිලි කිරීම: public port, private port දෙකටම µTorrent speed guide හි ඇති current port අගය යොදන්න