Monday, October 6, 2008

පුලුවන්නම් විසදන්න - පලමු කොටස

මම පොඩි කාලෙ ඉදන් ආස වැඩක්‌ තමයි ගණිත ගැටලු විසදන එක. අපේ බ්ලොගර් කට්‌ටිය එක්‌කත් බෙදාගන්න හිතුන. මුලින්ම මම අහන්න හදන්නෙ පරන රුසියන් ගණන් පොතක තිබ්බ ප්‍රශ්නයක්.comments වල උත්තරේ දාන්න. කාටවත් බැරි උනොත් ඉතින් මම දානව උත්තරේ හෙට (08).

කතන්දරය

ලෙනින්ග්‍රාද්* වල ඉදලා හෙලිකොප්ටරයක්‌ කෙලින්ම උතුරට කිලෝමීටර 500 ගියා. ඊට පස්‌සෙ නැගෙනහිර දිශාවට හැරිලා තවත් කිලෝමීටර 500 ගියා. ආපසු දකුනු දිශාවට හැරිලා තවත් කිලෝමීටර 500 ගියා. අන්තිමට බස්‌නාහිර දිශාවට කිලෝමීටර 500 ගිහින් ගොඩබෑවා.
* ලෙනින්ග්‍රාද් කියන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්‌බර්ග් නගරයටමයි

ප්‍රශ්නය

හෙලිකොප්ටරය ගොඩබෑවේ කොහාටද ?

24 comments:

Scooby said...

Lol i cnt remember da answer... Ammi dunna neda answr eka... Ammai puthai ekathu wela answr eka hewwa neda eda... :P :D

Unknown said...

ලෙනින්ග්‍රාද් වලමය් ගොඩ බැවෙ... well.. i think so.. lets c ur answer!!

Anonymous said...

Bimata!!
where else...

තිලිණ said...

හික්‌.. බිමට තමයි.. ඒ උනාට ඒ බිම කොහෙද කියල අහන්නේ..

malee_msg said...

ලෙනින්ග්‍රාත් වලටමයි

Kasun said...

Airport ඒකකට නේ? :)

තිලිණ said...

දවස්‌ 2 කල් වැඩි කියල හිතුන නිසා උත්තරේ හෙට දාන්න තීරණය කරා. තව උත්සාහ කරන්න :D

Anonymous said...

ලෙනින්ග්‍රාද් වලටමයි (ශාන්ත පීටර්ස්‌බර්ග්)

තිලිණ said...

මේ ප්‍රශ්නේ සරලම නෑ.. ගොඩක්‌ තර්කානුකූලව හිතන්න ඕන

කීර්ති said...

ලෙනින් ග්‍රාද්වලම තමයි

Anonymous said...

North Pole :-P

crazy winger said...

මම නම් හිතන්නෙහ් හෙලිcඔප්ටෙර් කෙරකිල අවෙ ගොඩ නග්ගපු තෙනටමඉ..හරියටම කියනවා නම් සමචතුරස්‍රාකාර ගමනාන්තයක්..එ කියන්නෙහ් පියසර කිලො මීටර 2000 ක් ...ඔන්න ඉතින් වටෙ ගිහිල්ලා උත්තරය විදිහට කියන්න තියෙන්නෙහ් .."ශා.පිට්ස්බෙර්ග්" කියලා තමඉ..:D

Malinga said...

ඇයි මේ හෙලිකොප්ටර් එක ආපසු එද්දි සරල රේඛීය ව පියාසර නොකළේ? ගිය මාර්ගයේ ම නේද ආපසු ආවේ?

Chiran said...

තිලිණ අයියේ,

ලෙනින්ග්‍රාද් තියෙන්නේ උත්තරධ්‍රැවයට ආසන්නව පිහිටි ස්ථානයක් නිසා උතුරට කි.මී. 500 ක් ගිහින් ආයෙත් නැගෙනහිරට කි.මී. 500 ක් ගියවිට සිටින ස්ථානයයි, ලෙනින්ග්‍රාද්වල සිට කෙලින්ම නැගෙනහිරට කි.මී. 500 ක් ගියවිට සිටින ස්ථානයයි එකම අක්ෂාංශකයේ පිහිටන එකක් නෑ. ඒ නිසා දකුණට කි.මී. 500 ක් ඇවිත් එතනින් ආපසු කි.මී. 500 ක් බස්නාහිරට ගියාට ලෙනින්ග්‍රාද් වලට යන්න ලැබෙන්නෙ නෑ. (සමහර විට 'බිමට' නෙමේ ඔනෙගා විලට තමා ගොඩ බහින්න වෙන්නේ!)

තිලිණ said...

මල්ලි හරි මල්ලි. හි හි.. පිලිතුර සවිස්‌තරව හෙට උදේට දාන්නම් :D

samanalee said...

thil i like ur page design.. oyaa neda haduwe? lassanai :)

Anonymous said...

pissu hadena sanda kalekata passe;

due to Earth's spherical shape and St. Petersburg being so close to the north pole ( <500km) and if we omit the high wind turbulence at the north pole one could assume helicopter would land 'East of St. Petersburg'. exact coordinates of the landing point can also be obtained with no more data (for that one more assumption is needed. i.e helicopter's displacement is equal to distance traveled)

tim ;)

තිලිණ said...

@ samanali
thx

@tim
hey man :) correct :D

Machi said...

East of Leningrad

said...

කිලෝමීටර් 2000ක් නවත්තනේ නැතුව. හෙලිකොප්ටර් එකකට ඔච්චර යන්න පුළුවන්ද පැට්‍රල් නොගහ. ඕක ෂුවර් එකටම මගදි කඩා වැටෙන්න ඇති. ඊට පස්සෙ ආණ්ඩුව කියන්න ඇති කාර්මික දෝශයක් කියල, විපක්ෂේ කියන්න ඇති ත්‍රස්තවාදී ක්‍රියවක් කියල. ත්‍රස්තවාදීන් කියන්න් ඇති අපි තමයි බිම දැම්මෙ කියල.

තිලිණ said...

හි හි මේකෙ උත්තරේ දාල තියෙන්නෙ මේකට පස්‌සෙ post එකේ. දැනට කිලෝමීටර 3000 වැඩිය දුර යන හෙලිකොප්ටර තියෙනව :D

Anonymous said...

මරණය මහත්තයාට හරිම ශෝක් නිර්මාණශීලි අදහස් තියෙනවා නොවැ! ඕවාට නම් මැරෙන්න ඉඩ තියන්න එපා... ;-)

Unknown said...

මේක රුසියානු පොතකින් ගත්ත ගැටලුවක් නේද??? මට මතක හැටියට 'ගණිත විනෝදය'.

තිලිණ said...

ඔව් මම ඒක කියල තියෙනව ප්‍රශ්නෙ