Wednesday, March 11, 2009

Windows 7 වල මම කැමති දේ

ඉදිරියේදි නිකුත් වීමට නියමිත අලුත්ම Windows වෙලුම තමයි Windows 7. අගෝස්‌තු පලවෙනිදා වෙනකන් beta සංස්‌කරනය නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් නිසා මටත් හිතුනා උත්සාහ කර බලන්න. දැනට මාසයක්‌ විතර සැහෙන්න හොඳින් වැඩ කල නිසා මේ ගැන බ්ලොග් සටහනක්‌ ලියන්න අදහස්‌ කලේ.

ඇත්තටම Windows 7 beta තත්ත්වයේ තවම තිබුනත් Windows Vista වලට වඩා ගොඩක්‌ ස්‌ථායී(stable). මම පාවිච්චි කල කාලය අතරතුර එක වරක්‌ වත් stuck උනේ නැහැ.System resources පාවිච්චියත් සතුටුදායක මට්‌ටමක තියෙනවා. මම ස්‌තාපනය කල පරිගණකය සාමාන්‍ය core 2 duo processor සහ 2GB RAM සහිත Onboard Graphics ඇති එකක්‌. මට දැනගන්න ලැබුනා අඩු RAM ප්‍රමාණ වලත් Windows 7 හොදින් ක්‍රියා කරන බව.

Windows 7 වල ඉතා සිත්ගන්නාසුලු අංග රාශියක්‌ තිබෙනවා. මම ඒවා තිරපිටපත් සමග ඉදිරිපත් කරන්නම්.

windows 7 desktopWindows 7 Desktop

මම Windows 7 වල වඩාත්ම කැමති අංගය එහි task bar එකයි. වැඩි ඉඩක්‌ ගන්නේ නැතිව ඉතාමත් පහසුවෙන් පාවිච්චි කල හැකි task bar එකක්‌ windows 7 සතුව තිබෙනවා. එහි අපි නිතර පාවිච්චි කරන වැඩසටහන් වල shortcut තබාගන්න පුලුවන්. ඒ වගේම දැනට විවෘත වැඩසටහන් පෙන්වන්නේත් එතැනමයි.

windows 7 taskbarWindows 7 Taskbar

වැඩසටහනක කලින් වැඩ කල පිටුවක්‌ විවෘත කරන්න අවශ්‍යනම් කල යුත්තේ එම අයිකන කිරීම පමණයි. එහිදී මතුවන මෙනු එකෙන් අපි කලින් වැඩකරමින් සිටි ගොනු පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Taskbar එකේ icon mouseover කරද්දී දැනට විවෘතව ඇති windows පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Windows 7 වල තවත් වැදගත් අංගයක්‌ තමයි Notification Icon Manager එක. මෙයින් System Tray එකේ එන කුඩා අයිකන පාලනය කරන්න පුලුවන්.

windows 7 taskbarWindows 7 Taskbar

මම මේ කිව්වේ User Interface එක අතින් windows 7 වල මම කැමති දේ. Backend ගැන ඉදිරි post එකක කතා කරමු!

14 comments:

GNS said...

මම නම් 7වල කැමතිම දේ USB Driver Safety Remove කරද්දි ඒ ඒ device එකට දාල තියෙන Name එක ම පෙන්නන එක. එතකොට පෙන් 2-3ක් වගේ ගහල තිබ්බොත් හරි එක remove කරන්න පුළුවන් නෙ... :D

තවත් මම කැමති එවුවා තිබුනා. ඒ වුනත් මට ඒක එච්චර සෙට් වුනේ නෑ. ඒක නිසා ආපහු විස්ටා වලටම මාරු උනා. ;)

Anonymous said...

මට නම් "Windows 7 හරිම තිත්තයි (හික්)
මොකද USB MODEM එක"Windows 7 වැඩකරන්නේ නැ එත් VISTA වලට වඩා මාර Speed

Anonymous said...

ඔන්න මමත් 7 ට ගියා. අද එක්ස්පී විස්ටා වලට දැම්ම ඒත් වැඩේ හරියන්නෙ නෑ. ගාටනව etc. ඉතින් 7 කලින් පාවිච්චි කරපු හින්ද ඕන කෙහෙල්මලක් කියල මාරුවුණා :D

පැතා said...

මමත්7 පාවිච්චි කරනව ඒක ගොඩක් හොදින් වැඩ! නියමයි! මමත් ගොඩක් කැමතියි 7 වලට.

NJ said...

Thanks for the insight !!
I hope to try this soon !

Unknown said...

කෝ වින්ඩෝස් තාම ලිනක්ස් අහලකටවත් ඇවිත් නෑනේ. තව කාලෙකට එන එකකුත් නෑ. හික් හික්
7 කියන්නේ අළුත් OS එකක් නෙමෙයි මම හිතන්නේ. VISTA වල errors fix කරපු version එකක්. හැබැයි මම නම් ඕන තරම් දැකල තියනවා 7 stuck වෙනවා. 2GB වගේ RAM එකක් තියනකොට මැෂින් එක stuck වෙනවනම් ඉතින් වැඩක් නෑ.

තිලිණ said...

OS එකක්‌ Stuck වෙන්නෙ RAM නිසාම නෙවෙයි නේද :)

Pahan said...

@ සුසිත
ඔන්න පුතෝ උඹට වැරදිච්ච තැනක්. වින්ඩොස් වල user friendly බව අතින් ලිනක්ස් ළඟකටවත් ඇවිල්ලා නෑ. ඔව් ලිනක්ස් stable තමයි ඒත් desktop OS විදියට ලිනක්ස් වලට තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලයි මම හිතන්නේ. program එකක් install කරන්න terminal එකේ commands ගහන්න ඕන. මොන මළවදයක්ද අප්පා. ලිනක්ස් කරන්න ඕන වින්ඩෝස් වලට බනින එක නෙවෙයි වින්ඩොස් වල යහපත් දෙවල් තියෙනවා නම් ඒවාත් අරන් දියුණු වෙන එක. පුද්ගලිකව මාත් කැමතියි ලිනක්ස් දියුණුවෙනවා නම්. මගේ ලැප් ටොප් ‍එකේ ram එක 1GB(VGA එකට 8MB share වෙනවා එතකොට 1GB-8MB) ඒවුනාට windows 7 බබා වගේ වැඩ. තවම එක සැරයක් වත් stuck වෙලා නෑ. තිලිණ කිව්වා වගේ OS එකක්‌ Stuck වෙන්නෙ RAM නිසාම නෙවෙයි. මම වැඩිය විස්ටා පාවිච්චි කරල නෑ. ඒත්"VISTA වල errors fix කරපු version එකක්" කියන එකට නම් එකඟ වෙන්න පුළුවන්.

windows 7 වල තවත් මම කැමතිම දෙයක් තමා අර ටාස්ක්බාර් එකේ දකුණුපැත්තේ කොනේම තියෙන show desktop එක මරුවට effects එක්ක desktop එක එනවා. task bar එකේ ඉඩ ඉතුරු කරගන්න ක්‍රමෙත් එල. සිංහල පෙරනිමියෙන් ආවට පොඩි අවුලක් තිබුනා. අර කොම්බු ලෙඩේ vista quick fix එක දැම්මාම ඒකත් හරිගියා. ලැපේ drivers ඔක්කොම කිසි කරදරයක් නැතිව ගත්තා(ලිනක්ස් වලදී වැඩ නොකරන මගේ wifi card එකත් ගත්තා). මගේ printer drivers වත් හොය හොය ඉන්න උනේ නෑ. ඒත් මගේ phone එකේ drivers නෑ. ඒත් phone එකේ drivers අපිට හොය හොය ඉන්න දෙයක් නෑ. එයාම microsoft site එකට driver එකට දාපු ගමන් අපිට කියනවා. මම මේ microsoft එකට කඩේ යනවා නෙවෙයි ඒත් හොඳ දෙයක් නම් අගය කරන්න ඕන.

Travel Ceylon said...

Windows 7 ‍වල සේරම හොදයි vista වලට වඩා. ඒත් මම පාවිච්චි කරන වෛරස් පෙරනය Bit Deffender) වැඩ කරන්නෙ නෑ.

තිලිණ said...

මම පාවිච්චි කරන්නෙ Avast ඒක හොඳට වැඩ. මට දැනගන්න ලැබුනා kaspersky free beta එකක්‌ දෙනවා කියලා. ඒකත් හැබැයි අගෝස්‌තු පලවෙනිදා expire වෙනවා

පිටස්තරයා said...

මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද 7 පරණ මෘදුකාංග වලද දක්වන සහය ගැන? විශේෂයෙන් Visual Studio, Adobe suit, codec packs, ms office වගේ දේවල්. අගෝස්තු වලට පස්සේ 7 වැඩකරවන්නම බැරි වෙයිද?

මගේ ලැපේ තියෙන්නේ vista home basic. ඒකත් එක්කම ලැබිච්ච එකක්. 2GB RAM, Core2Duo 2.0GHz තිබුනාට මහා වදයක්. මම හිතාගෙන ඉන්නේ වෙන OS එකක් දාගන්න. ආයෙනම් xp වලට යන්නේ නෑ. මගුල =D vista ultimate 64bit එකක් තියෙනවා. ඒකත් දාලා වැඩක් වෙන්නේ නෑ. හිතාගෙන ඉන්නේ 7 ගැන.

meegodaya/saman said...

@පහන්-"ඔව් ලිනක්ස් stable තමයි ඒත් desktop OS විදියට ලිනක්ස් වලට තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලයි මම හිතන්නේ. program එකක් install කරන්න terminal එකේ commands ගහන්න ඕන. මොන මළවදයක්ද අප්පා. ලිනක්ස් කරන්න ඕන වින්ඩෝස් වලට බනින එක නෙවෙයි වින්ඩොස් වල යහපත් දෙවල් තියෙනවා නම් ඒවාත් අරන් දියුණු වෙන එක. පුද්ගලිකව මාත් කැමතියිලිනක්ස් දියුණුවෙනවා නම්."
පහන්ගේ අදහස මධ්‍යස්ථයි, යථාර්ථවාදීයි, මමත් එකඟයි

හර්ෂදේව ආරියසිංහ said...

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath,

අපි Windows 7 ඉන්ටෙල් පෙන්ටියම් 3 - 512 මැෂිමක දාල ප්‍රෝග්‍රෑම් දෙක තුන්ක් RUN කරල බැලුව. මට මෙච්චරයි කියන්න තියෙන්නෙ. මීට පෙර ආපු හැම Windows OS එකකටම වඩා FAST.

OS Stuck වෙන්නෙ ගොඩක් වෙලාවට පාවිච්චි කරන අයගෙ නොදැනුවත් කම නිසා. මම කියන්නෙ Windows, Linux or AS400 ඕනෙ එකක්.

Malinga said...

මගේ PC එකේ දි පවා හොඳින් වැඩකිරීමෙන් Windows 7 හි ඇති සාර්ථක භාවය පැහැදිලි වෙනව. Vista වලට සාපේක්ෂව ඉතාම හොඳ මට්ටමක තියනව System Resource පාවිච්චි කිරීම අතින්.Windows 7 install කළ PC එකේ තත්වය මෙන්න මේ දෙන දත්තවලින් ‍වැටහෙයි. ඒ වගේ එකකත් වැඩ කිරීමෙන් මෙහි ඇති දියුණු බව පැහැදිලි වෙයි.

Processor :- Pentium IV (1.7 Mhz)
RAM :- DDR 256MB

VGA එක පමණක් මදක් හොඳ මට්ටමක තිබුනා අනිකුත් දේවල් හි සසදද්දි. ඒ වුණත් Windows 7 Aero Theme එක Enable වෙලා තිබුණෙ නෑ RAM ආදියෙහි ඇති මද භාවය නිසා. ඒ නිසා Internet වල පළකොට තිබුණ Registry Keys වෙනස් කිරීමේ Article එකක් පාවිච්චි කළා.

(Windows 7 Installation Setup එක වෙනසක් කරන්න සිදුවුණා 512 Ram Limit එක නිසා. ඒ සඳහා Dll File එකක් Download කරලා දාන්න වුණා.)